මාතර මොරවක් කන්ද නාය යෑමෙන් 20 ක් අතුරුදන්

මාතර දිස්ත්‍රික්කයට නොකඩවා දින දෙකක් තිස්සේ ඇඳ හැලෙන ධාරාණිපාත වර්ෂාවෙන් දෙණියාය මොරවක, වරල්ල, අකුරැස්ස, කඹුරුපිටිය, දෙයියන්දර, පල්ලේගම සහ මාකදුර ආදී ප්‍රදේශ රැසක් ගංවතුරින් යටවීම නිසා අවතැන් වූ  ජනතාව බෝට්ටු මඟින් බේරා ගැනීමට මෙහෙයුමක් අරඹා ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය කියයි.

මේ හේතුවෙන් මොරවක් කන්ද ප්‍රදේශයේ නාය යාම හේතුවෙන් නිවාස 10ක් පමණ සම්පූර්ණයෙන් නාය ගොස් ඇති අතර 20 දෙනෙකු පමණ අතුරුදහන් වී ඇතැයි වාර්තා වේ.

ගිං, නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් පහත් බිම් රැසක් ගංවතුරින් යට වී ඇති බව ආපදා කළමනාකරණ ඒකකය පවසයි. මාර්ග ජලයෙන් යට වීම හේතුවෙන් ද පස් කඳු හා ගස් කඩා වැටීම හේතුවෙන්ද ගමනාගමනය සම්පූර්ණයෙන් ඇණ හිට ඇති බවත් විදුලිය ඇණ හිට ඇති බවත් පොලිසිය පවසයි.

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)
Like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − 2 =