මාතලේ පාසලක ශිෂ්‍ය නායකයෙකු සිසුවෙකුගේ කණ පලයි

March 10, 2017 | 12:35 pm    0   467

මාතලේ පාසලක ශිෂ්‍ය නායකයෙකු සිසුවෙකුගේ කණ පලයි

මාතලේ නගරයේ ප්‍රධානතම පිරිමි පාසැලක එකො‍ළොස් වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකුගේ කණ ප්‍රදේශයට අමානුෂික ලෙස පහර දී එම පංතියේම තවත් සිසුන් පිරිසකට විවිධ අයුරින් පහර දුන් බව කියන ශිෂ්‍ය නායකයකු මාතලේ පොලීසිය විසින් ඊයේ (09) අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගනු ලැබූ ශිෂ්‍ය නායකයා එහි උසස් පෙළ හදාරන සිසුවකු බව පොලීසිය පවසයි.

ඔහුගෙන් පහර කෑ බව කියන සිසුවා ප්‍රතිකාර සඳහා මාතලේ දිස්ත්‍රික් මහ රෝහල කරා ඇතුළත් කර ඇත.

පාසැලේ එකොළොස් වන ශ්‍රේණියේ සිසුනට කෑ කෝ නොගසන ලෙස එම පංතියට ගොස් අවවාද කර ඇති ශිෂ්‍ය නායක සිසුවා පසුව අදාළ සිසුවා ඇතුළු තවත් සිසුන් පිරිසකට පහර දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: