මාධ්‍යවේදී මෙල් ගුණසේකර මැරූ චුදිතයාට මරණ දඩුවම

July 5, 2017 | 5:57 pm    0   122

මාධ්‍යවේදී මෙල් ගුණසේකර මැරූ චුදිතයාට මරණ දඩුවම

මාධ්‍යවේදී මෙල් ගුණසේකර මෙනවිය මැරූ බවට චෝදනාවට ලක්වූ විත්තිකරුට අද (05) මරණ දඬුවම නියම කෙරිණි. ඒ පිලිබඳ නඩුව කොළඹ මහා අධිකරණයේදී විභාග කෙරිණි.

මෙම විත්තිකරු විසින් 2014 පෙබරවාරි 02 වැනි දින හෝ ඊට ආසන්න දිනක බත්තරමුල්ල ප්‍රභුතිපුරදී ගුණසේකර මෙනවියගේ නිවසට ඇතුළුවී ඇයව ඝාතනය කර තිබිණි.

එදින ගුණසේකර මෙනෙවියගේ මව, පියා සහ සහෝදරයා ආගමික වතාවත් සඳහා පල්ලියට ගිය අතරවාරයේ ඔහු එම නිවසට ඇතුළුවී ඇත්තේ සොරකමක් කිරීමේ අදහසිනි. සොරකම් කිරීමෙන් පසුව නිවසේ පාන් කැපීමට තිබූ පිහියක් යොදාගෙන ගුණසේකර මෙනෙවියව කපා ඝාතනය කර ඇත.

ගුණසේකර මෙනෙවිය ඝාතනය කළ බවට නීතිපතිවරයා විසින් අධි චෝදනා තුනක් මත දොම්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි දුරුලාන්දු ඇන්තනි රම්සන් ජෝර්ජ් නමැති විත්තිකරුට එරෙහිව එම නඩුව පවරා තිබිණි.

එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා විත්තිකරුට මරණ දඬුවම නියම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: