මාධ්‍යවේදී සුනිල් මිහිඳුකුල ලොවෙන් සමුගනී

May 31, 2017 | 5:19 pm    0   395

මාධ්‍යවේදී සුනිල් මිහිඳුකුල ලොවෙන් සමුගනී

ජේෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, ප්‍රවීණ ලේඛකයෙකු සහ සිනමා විචාරකයෙකු වූ සුනිල් මිහිඳුකුල මහතා ඊයේ (30) මිය ගියේය. මිය යනවිට ඒ මහතා 58 වැනි වියේ පසුවිය.

මිගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ ආදී සිසුවෙකු වන මිහිඳුකුල මහතා “පියකරු” සිනමා පුවත්පතෙන් සිය ලේඛන දිවිය ආරම්භ කළේය. “ලංකාදීප” පුවත්පතේ විශේෂාංග ලේඛකයෙකු ලෙස කටයුතු කල අතර “දෙසතිය” සඟරාවේ මාණ්ඩලික ලේඛකයෙකු ලෙස ද කටයුතු කළේය. එපමණක් නොව ඔහු ” නවලිය, දිනමිණ, සිළුමිණ” වැනි පුවත්පත් සමග ද කටයුතු කල අතර “රසඳුන” අතිරේකයේ සංස්කාරකවරයා ද විය.

පසුගිය දා පවතී ජනාධිපති සම්මාන උළෙලේදී සිනමා සාහිත්‍ය වෙනුවෙන් සිදුකල විශිෂ්ඨ දායකත්වය වෙනුවෙන් “පුරෝගාමී” සම්මානයෙන්ද ඒ මහතා පිදුම් ලැබිය.

ඒ මහතාගේ වියෝව මෙරට පුවත්පත් කලාවට කලකින් පිරිමැසිය නොහැකි හිඩැසක් ඉතිරි කළේය. සහෝදර මාධ්‍යවේදී සුනිල් මිහිඳුකුල මහතාණෙනි ඔබට නිවන් සුව…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: