මාධ්‍ය ඔස්තාර්ලා හේමමාලිය කෙලෙසයි

February 26, 2018 | 10:50 am    0   3658

මාධ්‍ය ඔස්තාර්ලා හේමමාලිය කෙලෙසයි

මහනුවර ජනප‍්‍රිය බාලිකා පාසලක් සිය 111 වැනි සංවත්සරය මේ වසරේ සමරනු ලබන්නේ සිය පාසල් නාමය තව තවත් බැබළවීමේ අටියෙනි. ඒ වෙනුවෙන් ඔවුන් පසුගිය දිනෙක දළදා වහන්සේ උදෙසා රන් මාලයක් සහ පාසල් ලාංඡුනය පූජා කර සිටියේ තමන්ගේ පාසලේ නම ද දළදා වහන්සේ හා සම්බන්ධ බැවිනි. කෙසේ වුව ඒ සියලූ දේ අවසානයේ එහි විදුහල්පතිනියට අපහාස වන අයුරින් අදාළ සිදුවීම් පිළිබඳ වැරදි අර්ථකථනයක් දිනපතා පුවත්පතක ප‍්‍රසිද්ධ කර තිබූ අතර ඒ නිසාම ඒ පිළිබඳව තොරතුරු සොයා යන්නට අපි උත්සුක වීමු. එහිදී අපට ඒ පුවතට සම්බන්ධ වූ අදාළ මාධ්‍ය වෘත්තිකයා පිළිබඳව මෙන්ම මෙම සිදුවීම හා ඔහුගේ සම්බන්ධය පිළිබඳව ද බොහෝ තොරතුරු සොයා යන්නට හැකි විය. මේ ලිපිය සැකසෙන්නේ ඒ අනුවය.

සෑම ක්ෂේත‍්‍රයකම මහත්වරුන් ලෙසින් පෙනී සිටින මහත් හොරුන් විරල නැත. එය මාධ්‍ය වෘත්තියට ද අදාළ වන්නේ තමන්ගේ මාධ්‍ය වෘත්තිය දේශපාලන හෝ ආර්ථික වාසි වෙනුවෙන් ගණිකා වෘත්තියේ යොදවන්නට තරම් සමහර මාධ්‍යවේදීන් යැයි කියාගන්නා පුද්ගලයන් කටයුතු කරන හෙයිනි. ආයතනයන්හි උපදේශක කර්තෘවරයාගේ සිට ප‍්‍රාදේශීය මාධ්‍යවේදියා දක්වාම මෙම තත්ත්වය ඔඩු දුවා ඇත්තේ හුදෙක් ජනමාධ්‍ය ආචාර ධර්මයන්ට ගරු නොකිරීමේ පදනම නිසාවෙනි. බහුතරයක් ජනමාධ්‍ය ආචාර ධර්මයන් යනු මොනවාදැයි නොදන්නවා විය හැකිය. කෙසේ වුව ද අප මේ සූදානම් වන්නේ ඔවුන්ට ජනමාධය ආචාර ධර්ම පහදා දීමට නොවේ. එවන් හරයක් නොමැති තවත් මාධ්‍යවේදියකු තමන්ගේ වෘත්තිය ගණිකා සේවයේ යෙදවූ බව පෙන්වා දීමටය. ඒ දේශපාලන හා ආර්ථික වාසි වෙනුවෙන් යැයි සිතිය හැකිය. එය අදාළ මාධ්‍යවේදියාගේ හෘද සාක්‍ෂිය හොඳින්ම දන්නවා ඇත. ඒ සිදුවීමට අදාළ පුද්ගලයන්ගේ හෝ ස්ථානයන්ගේ නම් ගම් මෙම ලිපියෙහි අන්තර්ගත නොකරන්නේ හෙට දවසේ හෝ හැදෙන්නට අවස්ථාවක් සලසා දීම වෙනුවෙනි. අප දේශපාලනය හෝ ආර්ථික වාසි වෙනුවෙන් මාධ්‍යවේදය ගණිකා වෘත්තියේ යොදවන්නට සූදානම් නැත. පෑන අතට ගන්නේ විවේචනයට මිස ප‍්‍රශස්ති වයන්නට නොවන වග බොහෝ දෙනාට අමතකව ගොස් ඇත. පසුගිය දිනක දකුණේ එවන් මාධ්‍යවේදියෙකු මෙරට දිනපතා ජාතික පුවත්පතකින් නිරුවත් කරනු ලැබුවේ මහජනතාව පීඩනයට ලක්කරමින් දේශපාලන හා නීතියේ වාසි ලබාගැනීම නිසාය.

කතාව ඇරඹෙන්නේ උඩරට ජනප‍්‍රිය බාලිකා පාසලක් වෙනුවෙනි. එහි 111 වැනි සංවත්සරය 2018 වසරට යෙදී ඇති බැවින් ඒ සඳහා විවිධ ව්‍යාපෘති පාසල විසින් දියත් කරමින් සිටින්නේ 111 වසරක අභිමානවත් ගමනක සතුට, අභිමානය හා ආඩම්බරය විශද කිරීම වෙනුවෙනි. එහි එක් පියවරක් බවට පත්වූයේ දළදා මාලිගාවේ දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර සිටින දළදා කර`ඩුවට රන් මාලයක් පූජා කිරීමයිි. දළදා කර`ඩුවට රන් මාලයක් පූජා කිරීම හෝ පැලඳීම යනු එසේ මෙසේ කටයුත්තක් නොවන්නේ එය විශාල වියදමක් දැරිය යුතු මෙන්ම මහත් පරිශ‍්‍රමයකින් සිදු කළ යුත්තක් වන හෙයිනි.

මේ සියලූ දේ පිළිබඳව අපට කරුණු සපයා ගැනීමට හොඳම සාධකය වන්නේ අදාළ විද්‍යාලයේ විදුහල්පතිතුමිය හෝ ගුරු මණ්ඩලය වුවත් මාධ්‍යවේදයේ මහජන හිතකාමීත්වයේ ප‍්‍රතිඵලයක් ලෙසිනි. මාධ්‍යවේදීන් විසින් කිසිදු හිරිකිතයකින් තොරව නිවැරදිකරුවන් වැරුදිකරුවන් කොට එල්ලූම් ගස් යැවීමට නියම කරන්නේ ලංකාවේ පොලිසියටත් වඩා කුජීත තත්ත්වයකට වැටෙමින් වීම හාස්‍යජනකය. එය හාස්‍යයකටත් වඩා කණගාටුදායකය. එවන් තත්ත්වයක් තුළ මිනිසුන් තමන්ගේ නිවැරදිභාවය වෙනුවෙන් හෝ සාක්ෂි සපයන්නට ඉදිරිපත් නොවීමම අවාසනාවකි. කෙසේ හෝ ඒ පිළිබඳව බෙහෝ තොරතුරු විශ්වාසදායී මාර්ගයන් තුළින් සොයා ගැනීමට අපට හැකියාව උදා විය.

එය බාලිකාවකි. 1907 වසරේදී ඉංග‍්‍රීසීන් විසින් ආරම්භ කළ එම පාසල මුල් කාලයේදී ක‍්‍රිස්තියානි පාසලක් ලෙස තිබුණ ද පසු කලෙකදී බෞද්ධ නමකින් හඳුන්වනු ලැබුවේ කන්ද උඩරට බෞද්ධ පරිසරය නිසාමය. 111වැනි සංවත්සරය යෙදෙන මේ වසරේ ඒ වෙනුවෙන් උතුම් දළදා වහන්සේට පූජාවක් ලෙස රන් මාලයක් සහ පාසලේ ලාංඡුනය ඇතුළත් රන් පෙන්ඩනයක් පූජා කිරීමේ අදහස ගෙනවිත් ඇත්තේ විදුහල්පතිනිය විසිනි. ඒ පාසලේ අනෙකුත් ගුරු මණ්ඩලය වෙතය. එහිදී ගුරුමණ්ඩලයේ බහුතර කැමැත්තෙන් අදාළ අදහස ක‍්‍රියාත්මක වන තැනට එද්දී තවත් ගුරුවරු කිහිප දෙනෙකු පමණක් ඊට ප‍්‍රසිද්ධියේ නොවුණත් සිය අකැමැත්ත ප‍්‍රකාශ කර ඇත. එහිදී යෝජනා වී ඇති තවත් කරුණක් වී ඇත්තේ මේ සඳහා කිසිම විටෙකදී දරුවන්ගෙන් මුදල් අය නොකළ යුතුය යන්නයි. සියලූ මුදල් ගුරු මණ්ඩලයෙන් අය විය යුතු බවත් මුදල්වලට වඩා රන් හෝ වෙනත් වටිනා භාණ්ඩයන් ලබාදීමට හැකි නම් එය වඩා වැදගත් බවත් එහිදී යෝජනා වී ඇත. ඒ සඳහා මුදල් හෝ භාණ්ඩ එකතු කිරීම සඳහා ගුරුවරුන් දෙදෙනෙකු ද එහිදී පත් කොට ගෙන ඇත.

මෙහි මුල් පරිත්‍යාගය සිදුකොට ඇත්තේ ද අදාළ විදුහල්පතිනිය විසිනි. ඒ ඇගේ ගෙලෙහි වූ රුපියල් 47,000ක් පමණ වටිනා රන් මාලය මේ විශේෂ පිංකම සඳහා පරිත්‍යාග කරමිනි. එය ආදර්ශයක් කොට ගත් අනෙකුත් ගුරුවරු ද තමන්ට හැකි පමණින් ඒ සඳහා දායක වූයේ හදපිරි ශ‍්‍රද්ධාවෙන් හා භක්තියෙනි. තමන්ගේ නිවසේ කැඩුණු කරාබු, රත්රන් කැබලි වැනි දේ මේ සඳහා එක් කළ ඔවුන්ට ඒ සඳහා පාසලේ දරුවන්ගේ දෙමව්පියන්ගෙන් ද ශක්තියක් එක් වූ බව රහසක් නොවේ. ඒ සියලූ දේ ලබා දීම වෙනුවෙන් රිසිට්පතක් පවා නිකුත් කරන්නට ඔවුන් කටයුතු කර ඇත්තේ මෙහි තිබිය යුතු විනිවිදභාවය හා විශ්වාසවන්ත භාවය සඳහා වැඩි ඉඩක් සපයමිනි. පාසල නියෝජනය කරන අධ්‍යාපන කොට්ඨාස කාර්යාලය, පොලිසිය, ආදි ශිෂ්‍ය සංගමය යනාදී විවිධ ආයතන ද මේ පිළිබඳව දැනුම්වත් කරන්නට සංවිධායක මණ්ඩලය පියවර ගෙන ඇත්තේ ද එනිසාම විය යුතුය.

එම රන් මාලය සහ පෙන්ඩනය නිර්මාණය කරගැනීම සඳහා ඔවුන් මිල ගණන් විමසන්නේ ද මහනුවර ප‍්‍රධාන රන් භාණ්ඩ නිෂ්පාදන ආයතන කිහිපයකිනි. එවන් ආයතන 4කින් මේ සඳහා වැයවන මුදල පිළිබඳ වාර්තාවන් ලබාගන්නා ඔවුන් භාණ්ඩ නිර්මාණය කිරීමේ අවස්ථාව ලබා දෙනුයේ මහනුවර අක්මීමන ජුවලරි ආයතනටය. එසේ නිමවන ලද රන් මාලයෙහි බර ග‍්‍රෑම් 52ක් පමණ වන අතර පෙන්ඩනය සහිත නිර්මාණය ග‍්‍රෑම් 32කින් යුක්ත විය. මාලයෙහි දිග අ`ගල් 48කි. එහි මුළු වටිනාකම ලක්ෂ 52කට ආසන්නය. එය පාසලක ව්‍යාපෘතියක් සඳහා යෙදෙන විශාල මුදලක් බව රහසක් නොවේ. කෙසේ වුවද අප සමග අදහස් දැක්වූ අයෙක් සඳහන් කළේ ඒ සා මුදලක් ඉතා ඉක්මනින් මෙන්ම නිරායාසයෙන් එකතුකර ගන්නට ඔවුන්ට හැකි වූයේ මෙය දළදා වහන්සේ සඳහා සිදුකරන පූජාවක් නිසා බවයි.

අදාළ නිර්මාණයන් දළදා වහන්සේට පූජා කිරීමට පෙර එය ප‍්‍රසිද්ධියේ මහජනයා වෙත ප‍්‍රදර්ශනය කර ඇති අතර එහිදී ද ඊට එක්ව ඇති ආධාර ප‍්‍රමාණයත් අති මහත්ය. නිර්මාණය දළදාවහන්සේට පූජා කරන දිනයේදී පාසලේ දරුවන්ගේ සහභාගිත්වයෙන් කුඩා පෙරහරක් බඳු උත්සවයක් ද පවත්වා ඇති අතර ඒ සඳහා ද පොලිසියේ පූර්ණ සහයෝගය හිමි වූ බව ඔවුන් සඳහන් කර සිටියි. එදින පූජාව සඳහා අටපිරිකර ද බොහෝ ලැබී ඇති අතර වැඩි අටපිරිකර ඒවා ලබාදෙනු අයටම ආපසු භාරදී ඇත්තේ පෞද්ගලිකව ගොස් ඒවා පූජා කරන ලෙස සඳහන් කරමිනි. එදින රන් මාලය හා පෙන්ඩනය දළදා වහනසේට පූජා කර ඇත්තේ පාසලේ ප‍්‍රධාන ශිෂ්‍ය නායිකාව විසින් වීම ද විශේෂත්වයකි.

ඒ සියලූ පූද පූජා වෙනුවෙන් දියවඩන නිලමේතුමාගේ අත්සන සහිත ලිපියක් පාසල වෙත ලබා දී ඇති අතර එහි සඳහන්ව ඇත්තේ අදාළ පාසල විසින් බුදුදහමේ උන්නතිය වෙනුවෙන් දළදා වහන්සේට රන් මාලය හා පෙන්ඩනය පූජා කර ඇති බවයි.

මෙම රන්භාණ්ඩ පූජාවට පෙර 111 වැනි සංවත්සරය වෙනුවෙන් ශාන්ත අන්තෝනි පල්ලියේ දේව මෙහෙයක් ද පවත්වා ඇති අතර ඒ සඳහා මූල්‍ය දායකත්වය දක්වා ඇත්තේ අදාළ පාසලේ දරුවන් සහ දෙමව්පියන් විසිනි. එහෙත් ඒ පිළිබඳව කිසිදු මාධ්‍යයක සඳහන් නොවීම ද පුදුමයට කරුණකි.

ඉහත සඳහන් කළ සියලූ දේ වෙනුවෙන් නායකත්වය ලබා දෙන්නේ අදාළ පාසලේ විදුහල්පතිතුමියයි. ඇය මේ පාසලේ විදුහල්පතිතුමිය ලෙස පත්වීම් ලබන්නේ මීට මාස 8කට පමණ පෙර වන අතර මීට පෙර වසර 13ක කාලයක් වෙනත් ජනප්‍රිය පාසලක නියෝජ්‍ය විදුහල්පතිිනිය ලෙස කටයුතු කර ඇත. ශ‍්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විභාගයෙන් සමත්ව විදුහල්පති තනතුර සඳහා පත්වන ඇය මෙම සිදුවීම හේතුවෙන් විවිධ චෝදනාවලට ලක්ව ඇත්තේ මතු කී මාධ්‍යවේදීන් යයි කියාගන්නා හරයක් නැති මිනිසුන්ගේ කටයුතු නිසා වෙනි.

මේ පුද්ගලයන් ඊට විරුද්ධ වන හේතු සාධකයන් සොයා යාමේදී අපට දැන ගන්නට ලැබුණු ප‍්‍රධාන කරුණක් වන්නේ පළාතේ ප‍්‍රධානියෙකුගේ විධානයන්ට අනුව දරුවකු පාසලට ඇතුළත් නොකර ගැනීමේ ප‍්‍රවෘත්තියයි. එය කෙතරම් දුරට නිවැරදි ප‍්‍රවෘත්තියක් දැයි අප නොදන්නා මුත් ඒ ආකාරයෙන් දේශපාලන හෝ වෙනත් පුද්ගලයන් විසින් බලෙන් දරුවන් ඇතුළත් කිරීමට විරුද්ධ වීම නිර්භීත ක‍්‍රියාවක් ලෙස අගය කිරීමට කටයුතු කර සිටිමු. මේ හේතුව නිසාම ඇය සමග අදාළ ප‍්‍රධානියා උරණ වී ඇති අතර ඇගේ දේශපාලන කුණු සේදීමේ නියුතු මාධ්‍යවේදියෙකු යැයි කියා ගන්නා පුද්ගලයකු විසින් ඉහත සඳහන් කළ පුණ්‍ය කටයුතු සඳහා මඩ ගැසීමේ ව්‍යාපාරය සිදුකරගෙන ගොස් ඇතැයි සිතිය හැකිය.

අප මුලින් සඳහන් කළ පරිදිම මාධ්‍යවේදය ඇත්තේ කාගේවත් පිට කසන්නට හෝ දේශපාලකයන්, සතුටු කිරීම වෙනුවෙන් ජනතාව නොමග යවන්නට නොවන වග ඔවුන් වටහා ගත යුතුය. තමන්ගේ මාධ්‍ය බලය පෙන්වා ජනතාව පීඩනයට ලක්කිරීම හෝ ඒ මගින් තමන්ගේ කූඨ ව්‍යාපාරයන් වර්ධනය කර ගැනීමට අවශ්‍ය ආර්ථික ශක්තිය සලසා ගැනීම නොවේය. එය මාධ්‍ය සදාචාරය නොවේ. හොඳ දේට හොඳයි කීමත් වරද විවේචනය කිරීමත් මාධ්‍යවේදය බව නොදන්නා මහත්වරුනි එන්න අපි මාධ්‍ය ආචාර ධර්ම කියා දෙන්නට සූදානම්…..

අසංක ධර්ම ශ්‍රී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: