මානව හිමිකම් වැරදි – නිවැරදි කිරීමට වසර දෙකක්….?

March 23, 2017 | 9:00 am    0   220

මානව හිමිකම් වැරදි – නිවැරදි කිරීමට වසර දෙකක්….?

ශ්‍රී ලංකාව තුළ වගවීම, ප්‍රතිසන්ධාන හා මානව හිමිකම් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වසර දෙකක කාලයක් ලබාදීම සම්බන්ධයෙන් වන යෝජනාව ජගත් මානව හිමිකම් කවුන්සලයට හමුවට අද(23) ඉදිරිපත් කෙරේ.

ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, මැසිඩෝනියාව සහ මොන්ටිනීග්‍රෝ යන රටවල් විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනාව සඳහා ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වය දැක්වීමට නියමිත අතර ඔස්ට්‍රේලියාව, කැනඩාව, ජර්මනිය, ඊශ්‍රායලය, ජපානය හා නෝර්වේ රාජ්‍යන් දැනටමත් ඒ සඳහා සහාය ලබා දීමට ඉදිරිපත්ව සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

පසුගිය 2015 වසරේ ජගත් මානව හිමිකම් කවුන්සල සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා තවත් වසර දෙකක කාලයක් ලබාදීම මේ යෝජනාවේ ප්‍රධාන අරමුණ වී තිබෙන අතර ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධාන හා වගවීමේ ක්‍රියාවලිය ඇගයීමට ලක්කිරීමට ද මේ යෝජනාව හරහා ජගත් මානව හිමිකම් කවුන්සලයට යෝජනා කර තිබේ.

මේ යෝජනාව සම්බන්ධයෙන් වන කෙටුම්පත දින කිහිපයකට පෙර ජගත් මානව හිමිකම් කවුන්සලයේ 34 වැනි සැසිවාරය වෙත ඉදිරිපත් කරන ලද අතර ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන සහ යුක්තිය සඳහා සහාය දෙමින් යළිත් අර්බුදයක් මතු නොවීමට සියලුම ශ්‍රී ලාංකිකයන්ට ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනයක් සහ නිදහස ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා සහාය දැක්වීම ද මේ යෝජනාව ඉදිරිපත් කිරීමේ අරමුණ බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: