මාරාන්තික රෝග සමග සටන් වැදීමට නව ඖෂධයක්.

March 20, 2017 | 3:00 pm    0   487

මාරාන්තික රෝග සමග සටන් වැදීමට නව ඖෂධයක්.

වසරකට ලොවපුරා මිනිසුන් මිලියන 15 ක් පමණ හෘදයාබාධ සහ ආඝාතය වැනිරෝගී තත්වය නිසා මිය යනවා.

හදවත් සෞඛ්‍යය කෙරෙහි හරස් වන ප්‍රධානතම සාධකය වෙන්නේ රුධිරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටමයි. මේ කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීම කියන්නේ රුධිර නාල අවහිරවීමෙන් හදවතට හෝ මොළයට ඔක්සිජන් සැපයීම අවහිරකර මාරාන්තික ප්‍රතිඵල අත්කර දෙන තත්වයක්.

මේ නිසාම තමයි මිනිසුන් මිලියන ගණනක් කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරගන්නට “statins” ලෙස හඳුන්වන ඖෂධ භාවිතා කරන්නේ.

අක්මාවේ ක්‍රියාකාරීත්වය වෙනස් කර ශරීරයේ අහිතකර වන කොලෙස්ටරෝල් මට්ටම පාලන කරගන්නට “evolocumab” ලෙස හඳුන්වන නව ඖෂධයක් සොයාගෙන තිබෙනවා.

මේ නව ඖෂධය පැරණි “statins” ඖෂධයට වඩා ඵලදායී බව ලන්ඩනයේ “Imperial” විදුහලේ මහාචාර්ය වරයෙක් වන “Peter Sever” මහතා පවසනවා.

මහාචාර්ය “Peter Sever” මහතා ඖෂධ සමාගමක් වන “Amgen” සමග එක්ව මේ ඖෂධය අත්හදාබැලීමක් සංවිධානය කරනු ලබනවා.

මේ නව ඖෂධය මගින් කොලෙස්ටරෝල් මට්ටම ඉතා හොඳින් පහළ බසින බවත් මීට පෙර සිදුකළ ඖෂධ අත්හදා බැලීම් වලට වඩා මේ ඖෂධය අත්හදා බැලීමේදී ඉතා වැඩි අගයකින් කොලෙස්ටරෝල් මට්ටම පහළ බැසුණු බවත්මහාචාර්ය “Peter Sever” මහතා“BBC” ප්‍රවෘත්ති සේවයට පවසා තිබෙනවා.

මේ අත්හාදා බැලීම සඳහා සහභාගීව තිබුණේ පෙර සිටම “statins” ඖෂධය ලබාගන්නා කොලෙස්ටරෝල් රෝගීන් පිරිසකි.

මේසාර්ථක ඖෂධය අත්හදා බැලීම මගින් මේ රෝගීන්ගේ අවධානම 20% පහළ බැසුණු බවත් වසර විස්සක කාලයක් අතරකොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම සඳහා කළ අත්හදා බැලීම් අතරින් ඉතා වැදගත්ම අත්හදාබැලීම මෙය බවත්ම හාචාර්ය “Peter Sever” මහතා “BBC” ප්‍රවෘත්ති සේවයට පවසා සිටියා.

වසර දෙකක කාලයක් මේ නව ඖෂධය පානය කරමින් අත්හදාබැලීමට සහභාගී වූ රෝගීන්ට හෘදයාබාධ හෝ ආඝාතය වැනි තත්වකිසිවක් ඇති නොවුණු බවත්වාර්තා වෙනවා.

මේ ඖෂධය ක්‍රියාකරන්නේ කෙසේද?

“ Evolocumab ” කියන්නේ ප්‍රතිදේහයක්. හරියටම මේ ඖෂධය ප්‍රතිශක්තිකරණ පද්ධතිය වෙනුවෙන් රෝග සඳහා සටන් වැදීමට තැනුණු අවියකට සමයි.

මේ ඖෂධය මගින් අක්මාවට අවශ්‍ය වන “PCSK 9” නමින් හඳුන්වන ප්‍රෝටීනයක් නිර්මාණය කරනවා. ශාරීරික අවයව සඳහා සුවදායක වන මේ ඖෂධය මගින් රුධිරයේ අන්තර්ගත වන අහිතකර වන කොලෙස්ටරෝල් මට්ටම සාර්ථකව තුරන් කරනවා.

මේ නව ඖෂධය ශරීරයට දෙනු ලබන්නේ සති දෙකකට හෝ හතරකට වරක් ශරීරයට එන්නත් කිරීම මගිනුයි.

මහාචාර්ය “Peter Sever” මහතා තව දුරටත් පැවසුවේ “statins” ඖෂධය වෙනුවට මේ නව ඖෂධය හඳුන්වා නොදුන් බවත් කොලෙස්ටරෝල් රෝගීන් සඳහා එක ඖෂධයකට වඩා ඵලදායී ඖෂධ කිහිපයක් අවශ්‍ය වන නිසා මේ නව ඖෂධ හඳුන්වා දුන් බවත්ය.

පරිවර්තනය| සසිඳු චතුරංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: