මාලිංගගේ වාග් ප්‍රහාරයට ක්‍රීඩා ඇමතිගෙන් ප්‍රති උත්තර

June 22, 2017 | 3:27 pm    0   170

මාලිංගගේ වාග් ප්‍රහාරයට ක්‍රීඩා ඇමතිගෙන් ප්‍රති උත්තර

ශ්‍රී ලංකා කණ්ඩායම ශුරයන්ගේ කුසලානයේ අවසන් මහා තරගයට යාමට අපොහොසත් විය. ඉන්පසු ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා ක්‍රිකට් ක්‍රීඩකයන්ට චෝදනා කරමින් කියා සිටියේ අපේ ක්‍රීඩකයන්ගේ උදරය විශාල බවත් ඒ නිසා ඔවුන්ව හමුදා කඳවුරකට යවා පුහුණුවක් ලබා දිය යුතු බවයි.

ඇමතිවරයාගේ මෙම චෝදනාවන්ට ලසිත් මාලිංග ඊයේ (21) මාධ්‍ය වෙත අදහස් දක්වා තිබිණි. එහිදී ඔහු විසින් ක්‍රීඩා ඇමතිවරයාගේ ක්‍රියා කලාපය දැඩිව විවේචනය කර තිබේ. මේ පිළිබඳව ක්‍රීඩා ඇමති දයාසිරි  ජයසේකර මහතා මාධ්‍ය හමුවකදී යලිත් අදහස් දක්වා තිබේ.

එහිදී මාලිංගගේ ප්‍රකාශය පිලිබඳ ඔහු මෙලෙස අදහස් දක්වා තිබේ.

“එක එක ක්‍රීඩකයන්ට උත්තර දෙන්න මම සූදානම් නැහැ. දැකපු දේ තමයි මම මේ කිව්වේ. ෆිට්නස් එක හොඳ නම් ඒ අයට යන්න පුළුවන්, නැත්නම් මම ෆිට්නස් එක පිළිබඳව අවසන් තීන්දුවක් අරන් තියෙනවා. හැම ක්‍රීඩකයෙක්ම ෆිට්නස් ටෙස්ට් එකට ඉන්න ඕන. ඒ ටෙස්ට් එක පාස් වුණොත් අනුමත කරනවා නැත්නම් අනුමත කරන්නේ නැහැ.”

“කොච්චර දක්ෂ ක්‍රීඩකයෝ වුනත් කමක් නෑ. මොකද, ඒගොල්ලෝ මෙහෙ ෆිට්නස් හදන් ගිහින් ගහන්නේ ඉන්දියාවට. ඔය කියන සමහර කට්ටිය. ඒ නිසා ලංකාවට නෙමෙයි ඒගොල්ලෝ වැඩිපුර ගහලා තියෙන්නේ සල්ලි වලට. ඒ නිසා කරුණාකරලා ඇවිල්ලා ෆිට්නස් එක හදාගෙන ඉන්න කියන්න.” ඇමතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමග මාධ්‍ය සාකච්චාව යලිත් උණුසුම් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: