මාලිංග කට අරී… තිසර ගැනත් කියයි…

June 15, 2017 | 11:28 am    0   339

මාලිංග කට අරී… තිසර ගැනත් කියයි…

By Editor

“අපි පැරදුනේ තිසර නිසා නෙවෙයි. මම අතිනුත් ඕනි තරම් උඩපන්දු අත ඇරිලා තියනවා.”

අයි.සී.සී. ශුරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගවලිට සහභාගිවූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (14)  සවස දිවයිනට පැමිණි අතර, ඉන් අනතුරුව ඔවුන්ගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයදී පැවති මාධ්‍ය හමුවකදී ලසිත් මාලිංග මාධ්‍යවේදියෙකුගේ පැනයකට පිළිතුරු ලෙසින් පැවසිය.

අයි.සී.සී. ශුරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගවලියේ අවසන් පුර්ව තරගයට පිවිසීමට තිබු අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අහිමිවුයේ පාකිස්තානය සමඟ පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වීමත් සමගිනි. එහිදී ජයගැනීමට අවස්තාව තිබු තරගය පරාජයට ප්‍රධානතම හේතුව ශ්‍රී ලංකා කණඩායමේ ක්‍රීඩකයන් විසින් තීරණාත්මක උඩපන්දු කිහිපයක් අතහැරීමයි. තරගයේ සාර්ථකම පන්දු යවන්නා වූ ලසිත් මාලිංගගේ පන්දුවකට තරගයේ වීරයා මෙන්ම පාකිස්තානු ජයග්‍රහණයේ නියමුවා වූ සෆ්රාස් අහමඩ් විසින් තිරානත්මකම අවස්ථාවකදී ලබාදුන් පහසු උඩපන්දුවක් තිසර පෙරේරා විසින් අතහැරීම බොහෝ ක්‍රීඩා විචාරකයන්ගේ විවේචනයට බඳුන් විය.

මෙම සිදුවීම පිළිබඳව ලසිත් මාලිංගගෙන් විමසීමේදී ඔහු මෙසේද අදහස් දැක්වීය.

” මට කිසිම කලකිරීමක් නැහැ ඒ පිළිබඳව. මම ඕනි තරම් උඩපන්දු අතහැරලා තියනවා. උඩපන්දුවක් ගිලිහුනා කියනදේ තරගය පරාජයට හේතුවක් නෙවෙයි. අපි හොදින් සෙල්ලම් කළා. අපිට අවශ්‍ය වෙලාවට සමහරවිට උනන්දුව වැඩිකම නිසා වෙන්න පුළුවන් පන්දු මිස් වෙනවා. ඒ ගැන මොකුත් කියන්න බැහැ”

“සමහර විට මම කඩුලු නොගත්තා නම් කවුරුත් මට කියන එකක් නැහැ ඔයා කඩුලු ගත්තේ නැති නිසා මැච් එක පැරදුනා කියලා. නමුත් උඩපන්දුවක් මිස් වුනාම කියනවා එක නිසා මැච් එක පැරදුනා කියලා. එහෙම කවදාවත් වෙන්නෑ.”

“ඒ වගේම තමයි පුහුණුකරුවන්ගෙන් අපි ලබාගන්න දේවල් මත පිටිය මැද දී අපි කරන දේ තමයි වැදගත් වෙන්නේ. ඒක පුහුණුකරුවගේ දෙයක් නෙවෙයි. මම විකට් 5 ක් ගත්තම චම්පක සර් ගැන කවුරුත් කතා කරන්නෑ. හැබැයි කඩුලු නොගත්තොත් මට බනිනවා. ඒක තමයි ඇත්ත. එහෙම තමයි ෆිල්ඩින් කරත්දී කැච් එකක් මිස් කලොත් ෆිල්ඩින් කෝච්ට බනිනවා. ෆීල්ඩර් කෙනෙක් කියන්නේ කවදාවත් කතාබහට ලක් නොවෙන කෙනෙක්. මම බෝල් කරලා විකට් එකක් ගත්තොත්, කැච් එකක් ගත්තොත් මම ගැන කතා කතා කරනවා. කැච් එක අල්ලපු කෙනා ගැන කතාකරන්නැහැ. හැබැයි මිස් වුනොත් එයා ගැන කතා කරනවා. ඒක තමයි ක්‍රිකට් ක්‍රීඩාව. ඒක නිසා මම දන්නවා බුද්ධිමත් ජනතාව දන්නවා ක්‍රිකට් කියන්නේ මොකක්ද කියලා. ඒ නිසා බුද්ධිමත්ව හිතල ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන ලියන්න.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: