මාලිංග යළි කි‍්‍රකට් පිටියට

February 9, 2017 | 12:11 pm    0   647

මාලිංග යළි කි‍්‍රකට් පිටියට

ශ්‍රී ලංකාවේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මේ මාසයේදී ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි – 20 තරගාවලියට එක්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

මාලිංග සිය ආබාධයෙන් මේ වන විට 100%ක්ම සුවය ලබා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා අද (09) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පවසා ඇත.

මේ වසරේදි එංගලන්තයේ පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහාත් මාලිංග එක්වෙනු ඇති බව ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත.

තරග තුනකින් සමන්විත මෙම විස්සයි – 20 තරගාවලිය මෙම මස 17, 19, 22 යන දිනයන්හීදී පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: