මැකෝ ඉල්ලා අස්වෙයි?

September 22, 2017 | 1:04 pm    0   1045

මැකෝ ඉල්ලා අස්වෙයි?

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව වේ.

ඒ මහතා පුද්ගලික මාධ්‍යයක් වෙත පවසා ඇත්තේ 2018 දෙසැම්බර් 31 වනදාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකිවුවහොත් තමා ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

පළාත් පාලන සංශෝධන පනත් කෙටුම්පත ඉකුත්දා පාර්ලිමේන්තුවේ දී සම්මත වූ අතර පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත ද ඉකුත්දා සම්මත වුණේ තුනෙන් දෙකක බහුතර බලයකිනි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ ලබන වසරේ මාර්තු වනවිට පවත්වා අවසන් කළ හැකි බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: