මැතිව්ස්ට කෝටි හතරාමාරක්

මෙම 2017 වසරේ පැවැත්වෙන ඉන්දියානු ප‍්‍රමුඛ ලීග් ක්‍රිකට්‌ තරගාවලියේ (අයි.පී.එල්.) නියෝජනය කිරීමට නියමිත ඇන්ජලෝ මැතිව්ස්හට ශ්‍රී ලංකා රුපියල් කෝටි හතරාමාරක මුදලක් නියමවී ඇතැයි වාර්තා වේ.

ක්‍රීඩක වෙන්දේසිය පෙබරවාරි 22 වන දින බැන්ගලෝර් වලදී පැවැත්වීමට නියමිතය.

එහිදී මැතිව්ස් ඇතුළුව ඉහළම මිල ගණන් ඇති ක්‍රීඩකයින් 7 දෙනෙකු ප්‍රකාශයට පත් වී ඇති අතර ඒ සඳහා එක් ක්‍රීඩකයෙකුට ඉන්දියානු රුපියල් කෝටි 2 බැගින් නියම වී තිබේ.

අනෙකුත් ක්‍රීඩකයින් නම් එංගලන්තයේ ඉයන් මෝගන්, බෙන් ස්ටෝක්ස්, ක්‍රිස් වෝක්ස් ඉන්දියාවේ ඉෂාන් ෂර්මා, ඕස්ට්‍රේලියාවේ මිචෙල් ජොන්ස්න් සහ පැට් කමින්ස් වේ.

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × four =