මැතිව්ස්, සඳකැන් වීරයෝ වෙමින් තරගය දිනවයි

ලක්ෂාන් සඳකැන්ගේ දක්ෂ පන්දු යැවීමත් ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයේ ඉනිමත් හේතුවෙන් දකුණු අප්‍රිකාව සමග ජොහැන්නස්බර්ග් නුවරදී ඊයේ පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 3ක ජයක් හිමිකර ගැනීමට සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

මේ සමග තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-1ක් ලෙස සම විය.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 19.3කදී ලකුණු 113කට සීමාකළ ශ්‍රී ලංකා ක්‍රීඩක‍යෝ පන්දු 2ක් ඉතිරිව තිබියදී තරගයේ ජය හිමිකර ගත්තේ කඩුලු 7ක් පමණක් අහිමිකර ගනිමිනි.

සඳකැන් මංගල තරගයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල පන්දුවෙන්ම කඩුල්ලක් ලැබූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවටද පත්විය.

කඩුලු 04කින් බර වූ ඔහුගේ මංගල තරගයේ කඩුලු මල්ලේ පළමු කඩුල්ලේ ගොදුර බවට පත්වූයේ මංගලිසෝ මොසේලේය. සඳකැන් මංගල විස්සයි20 තරගයේදී මංගල පන්දුවෙන්ම කඩුල්ලක් දවාගත් ලොව 15 වැනි ක්‍රීඩකයාය.

සිය 5වැනි විස්සයි20 අර්ධ ශතකය වාර්තා කළ මැතිව්ස් පන්දු 50කදී හතරේ පහරක් හා හයේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 54ක් රැස් කළේය.

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × three =