මෑන් පවර් සේවකයින්ටත් EPF

April 7, 2017 | 12:00 pm    0   119

මෑන් පවර් සේවකයින්ටත් EPF

මෑන් පවර් සේවක ගැටලුවට සාධාරණ විසඳුමක් දීම සඳහා මේවන විට මූලික පියවර රැගෙන තිබෙන බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා රාජ්‍ය ඇමති රවීන්ද්‍ර සමරවීර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේබව සඳහන් කළේ ඉකුත්(05) කොළඹ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදි කතා කළ රජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් මෙසේද කීය…. “මේ සේවක ප්‍රශ්නය අද ඊයේ පැමිණි එකක් නොවේ. නමුත් රජයක් ලෙස මොවුන්ට සාධාරණ විසඳුමක් ලබාදීමට කටයුතු කරන අතර ඊට අදාල ක්ෂේත්‍ර වල ප්‍රවීණයින්ගේ දැනුම හා අත්දැකීම්ද ජාත්‍යාන්තර වශයෙන් මේවන විට තිබෙන් තත්ත්යන් සැළකිල්ලට ගනිමින් මුලින්ම මෑන් පවර් සේවකයින්ගේ මූලික අයිතීන් රැකදීම යම් වැඩරාමුවක් සකස් කිරීමට කටයුතු යොදා තිබෙනවා. එහිදි සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය ලබාදෙමින් එම සේවකයින්ට ඒ අයිතියද සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදලේ සාමාජික හිමිකමද ලබාදෙමින් මේ සේවකයින්ට රැකවරණය ලබාදෙන්න මූලික කටයුතු යොදමින් සිටිනවා”

පෞද්ගලික අංශයේ සේවකයින් විවිධ මට්ටමින් අසුපන්ලක්ෂයක් පමණ සිටින අතර ඉන් අර්ථසාධක අරමුදලේ සාමාජික අයිතිය ලැබි තිබෙන්නේ විසිපන්ලක්ෂයකට පමණවේ. මේවා සඳහා වැටලීම් සිදුකිරීම කම්කරු නිලධාරින්ගේ පුරප්පාඩු නිසා අඩපණවි තිබෙන අතර උතුරු නැඟෙනහිර පළාත්වල මේ වැටලීම් ඉතාම දුර්වල තත්ත්වයකයි තියෙන්නේ.ඒ නිසා කම්කරු නිලධාරින් දෙසීයක් බඳවාගැනීමට පියවර ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: