මිනිස් ඝාතන දහස් ගණනකට විධාන දුන් හිට්ලර්ගේ දුරකතනයක් විකිණෙයි

February 22, 2017 | 1:24 pm    0   514

මිනිස් ඝාතන දහස් ගණනකට විධාන දුන් හිට්ලර්ගේ දුරකතනයක් විකිණෙයි

දෙවන ලෝක යුද්ධයට ඝෘජුවම සම්බන්ධ වූ ඇඩෝල්ෆ් හිට්ලර් භාවිත කළ දුරකථනයක් අමෙරිකානු ඩෝලර් 243,000කට අලෙවි වී තිබේ.

අමෙරිකාවේ පැවති වෙන්දේසියකදී මෙය අලෙවි වී ඇති අතර කෙසේ වෙතත් මිලදී ගත් පුද්ගලයාගේ තොරතුරු හෙළි කර නොමැත.

දුරකතනය සඳහා ලංසු තැබීම ආරම්භ වී ඇත්තේ, ඩොලර් 100,000 සිටයි.

රතු පැහැති අදාළ දුරකතනය 1945 වසරේ බර්ලින්හි බංකරයක තිබී සොයා ගැනිණ.

ජර්මනිය යටත් කර ගැනීමෙන් පසු සෝවියට් හමුදා සෙබළුන් විසින් බ්‍රිතාන්‍යයේ ශ්‍රීමත් රැල්ෆ් රේනර් නමැත්තෙකුට හිට්ලර්ගේ දුරකතනය ලබා දී ඇත්තේ, සමරුවක් ලෙසිනි.

යුද සමයේදී ජීවිත දහස් ගණනක් විනාශ කිරීමට නියෝග ලබා දුන් මෙය දුරකථනයක් නොව මහා ජන සංහාරයක් සිදු කළ ආයුධයක් බව විශ්ලෙෂකයෝ පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: