මිලර්ට තරගාවලිය අහිමිවෙයි

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඩේවිඩ් මිලර් හට ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟාවලිය අහිමි වී තිබේ.

ඒ ඔහුගේ අතේ ඇගිල්ලක ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙනි.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඩර්බන් හිදී පැවැති දෙවන එක්දින තරඟය අතරතුර මිලර් මෙම ආබාධයට ලක්ව ඇති බව පැවසේ.

ඒ අනුව දින 10ක පමණ කාලයක් ඔහුට විවේක ගැනිමට සිදුව ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති දෙවන එක්දින තරඟයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ඩේවිඩ් මිලර් නොදැවී ලකුණූ 117ක් ලබා ගැනීමට සමත් විය.

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − 13 =