මිලිනා සුමතිපාල අභාවප්‍රාප්ත වෙයි

December 26, 2016 | 9:17 pm    0   621

මිලිනා සුමතිපාල අභාවප්‍රාප්ත වෙයි

නියෝජ්‍ය කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ මව වූ සුමති සමූහ ව්‍යාපාරයේ සභාපතිනි මිලිනා සුමතිපාල මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඇය 81වන වියේ පසුවූ බව සඳහන්.

ප්‍රකට සමාජ සේවිකාවක්, චිත්‍රපට නිෂ්පාදිකාවක් ආදී විවිධ ක්ෂේත්‍රවල ජනප්‍රිය නාමයක් දිනා සිටි ඇය 2001 වසරේ සිට 2005 දක්වා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ධූරයද දැරුවාය.

පසුගිය වසරේ ඇගේ 80 වැනි ජන්ම දිනය නිමිත්තෙන් අපදාන ග්‍රන්ථ දෙකක් ද නිකුත් කැරුණු අතර කොළඹ 10 පුංචි බොරැල්ල කැම්බල් පෙදෙස මිලිනා සුමතිපාල මාවත ලෙසද නම් කැරිණි. ඇය තිලංග සුමතිපාල මහතා ඇතුළු දරු දැරියන් 07 දෙනෙකුගේ මෑණියන් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: