“මීතොටමුල්ලේ වැරදිකරුවන්ට මරණ දඩුවම දිය යුතුයි” – ඇමති පාඨලි

June 16, 2017 | 3:44 pm    0   186

“මීතොටමුල්ලේ වැරදිකරුවන්ට මරණ දඩුවම දිය යුතුයි” – ඇමති  පාඨලි

පසුගිය දා මිතොටමුල්ලේ සිදුවූ නායයෑමට කොළඹ මහා නගර සභාව ඍජුවම වගකිව යුතු බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී රණවක මහතා පවසයි.

විධිමත්ව කසල කළමනාකරණය කිරීම වෙනුවෙන් සකස් කල “නිකසළ පුරවර” කසළ කලමනාකරණ වියප්තියේ සමාරම්භක උළෙලට සහභාගී වෙමින් ඒ මහතා මෙම අදහස ප්‍රකාශ කෙළ්ය.

අවස්ථා හතරකදී මිතොටමුල්ලට කසල බැහැර නොකරන ලෙස දැනුම් දී තිබියදීත් ඒ පිලිබඳ සැලකිලිමත් නොවී ජාවාරමක් ලෙස මෙය සිදු කල බවත් එම නිසා මෙවන් තත්වයක් ඇතිවූ බවත් ඔහු පෙන්වා දෙයි. එමනිසා මෙයට වගකිව යුත්තන්ට මරණ දඩුවම ලබාදිය යුතු බවත් ඒ සඳහා කොළඹ මහා නගර සභාව සහ බස්නාහිර පළාත් සභාව වගකිව යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

කොළඹ පදනම් ආයාතනයේදී අද (16) පවතී උත්සවයට මැති ඇමතිවරු රැසක් ද සහභාගී වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: