මීතොටමුල්ලේ විපතට පත් වූ හයක් රෝහලට – කෝපාවිෂ්ඨ වූ ජනතාව බැකෝවකට ගිනි තබලා

April 15, 2017 | 2:39 pm    0   302

මීතොටමුල්ලේ විපතට පත් වූ හයක් රෝහලට – කෝපාවිෂ්ඨ වූ ජනතාව බැකෝවකට ගිනි තබලා

මිතොමුල්ල  කුණුකන්දේ කොටසක් කඩා වැටිමෙන් දහම්පුර ප්‍රදේශයේ නිවාස සියයක් පමණ යටවීමත් සමග එම පුදේශයේ නොසන්සුන් තත්ත්වයක් හටගෙන බැකෝ යන්ත්‍රයකට ද ගිනි තබා ඇතැයි වාර්තා වේ.

කුණුකන්දේ කොටසක් කඩා වැටිමෙන් ⁣නිවාස කිහිපයක් මුළුමනින්ම විනාශ වී තිබෙන අතර තවත් නිවාස රැසකට අර්ධ වශයෙන් හානි වී තිබේ.

මීතොටමුල්ල කුණු කන්ද එතැනින් ඉවත් කරන⁣ ලෙස ඉල්ලා අධිකරණය හමුවට ගිය එහි ජනතාව දිගින් දිගටම උද්ඝෝෂණ කරමින් සිටියහ. විපතට පත්වූවන් බේරා ගැනීමට ප්‍රදේශවාසීන් උත්සාහ කරමින් සිටින බවත් මේ වන විට තුවාලකරුවන් හය දෙනකු බේරාගෙන රෝහලට ගෙන ගොස් ඇති බවත් පොලිසිය පවසයි. පොලිසිය සහ සෙසු පිරිස එම ප්‍රදේශයේ  නිවෙස්වල ජනතාව ඉවත් කරමින් සිටිති.

විපතට පත්වූවන්ට කඩිනම්  සහන සලසන ලෙස ජනාධිපත මෛත්‍රීපාල සිරිසේන ත්‍රිවිධ හමදාවට නියෝග කර ඇති අතර ගුවන් මෙහෙයුමක්ද ක්‍රියාමක වෙමින් පවති. එහෙත් ජනතාව බලධාරින්ට චෝදනා කරමින් විරෝධතාවේ නිරත වෙමින් පසු වන අතර බැකෝ යන්ත්‍රයකට ද ගිනි තබා ඇතැයි වාර්තා වේ. කුණු කන්දේ කොටසක්  අසල ඇල මාර්ගයටද කඩා වැටි තවත් නිවෙස් කිහිපයක් ජලයෙන්ද යට වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: