මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීම පිළිබඳව සැකයක්

April 16, 2017 | 9:10 am    0   312

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීම පිළිබඳව සැකයක්

මීතොටමුල්ල කුණු කන්දේ කඩා වැටීම පිළිබඳව මේ වන විට සැක මතුව තිබෙන බව වාර්තා වෙනවා.

පොලිසිය පවසන්නේ මෙම සිදුවීම ස්වාභාවිකව සිදු වූ සිදුවීමක්ද එසේත් නැතිනම් පුද්ගලයෙකුගේ හෝ පිරිසකගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද යන්න පිළිබඳව විමර්ශන සිදු කෙරෙන බවයි.

මීතොටමුල්ල කුණු කන්දේ කඩා වැටීම පිළිබඳ පරීක්ෂණ සිදු කිරීම සඳහා විශේෂ විශේෂඥ කණ්ඩායමක් කැඳවීමටත් මේ වන විට කටයුතු කර තිබෙනවා.

ඒ සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශයේ 10 දෙනෙකු සහ පතල් හා කැණීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඇතුළත්.

මේ අතර අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් කණ්ඩායමක්ද විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

තවද අනතුරෙන් සිදුව ඇති මරණ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක්ද කැඳවා තිබෙනවා.

විපතට පත්වූවන්ගේ දේපළ ආරක්ෂා කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක්ද ප්‍රදේශයේ අනියුක්ත කර තිබෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: