මීතොටමුල්ල කුණු වෙනත් ගම්වලට දමනවාට ජවිපෙ විරෝධය

April 21, 2017 | 10:47 am    0   317

මීතොටමුල්ල කුණු වෙනත් ගම්වලට දමනවාට ජවිපෙ විරෝධය

“කැළි කසල කියන්නේ රටකට ජාතික ප්‍රශ්නයක්. නමුත් අපේ රටේ ආණ්ඩු එම ජාතික ප්‍රශ්නයට ජාතික මැදිහත්වීමක් සිදු කළේ නැහැ. ගෙවුණු අවුරුදු 69 පුරා කිසිදු ආණ්ඩුවක් මේ ප්‍රශ්නයට ජාතික මට්ටෙමින් මැදිහත් වුණේ නැහැ. ශ්‍රීලනිපය ප්‍රමුඛ ආණ්ඩු, එජාපය ප්‍රමුඛ ආණ්ඩු රටේ කුණු ප්‍රශ්නයට විසඳුමක් දුන්නේ නැහැ. කුණු ප්‍රතිචක්‍රීකරණය සඳහා වැඩපිළිවෙළක් හැදුවේ නැහැ. හැම මොහොතෙම සිදු කළේ පැලැස්තර උත්තර ගේන එක විතරයි. එක තැනක කුණු තවත් තැනකට ගිහින් දැම්මා.
2008දී කොළොන්නාවේ මීතොටමුල්ලට කොළඹ නගරයේ කුණු දැමීම ආරම්භ කළා. 1979 සිට මීතොටමුල්ලට දැම්මේ කොළොන්නාව නගර සභාවේ කුණු පමණයි. කොළඹ කුණු දාපු බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ නීතිමය ප්‍රශ්නයක් නිසා මීතොටමුල්ල තෝරාගත්තා. ඒ අවස්ථාවේදී එම ප්‍රදේශය ජනාකීර්ණ ප්‍රදේශයක් වී තිබුණු නිසා කුණු දාන්න එපා කියලා ජනතාව විරුද්ධ වුණා. කුණු දාන එක ගැන කොළොන්නාව නගර සභාවට ආපු විශේෂ යෝජනාවට විරුද්ධ වුණේ ජවිපෙ මන්ත්‍රී ධම්මික විජයමුණි සහෝදරයා විතරයි. අනෙක් පක්ෂ දෙකේ මන්ත්‍රීවරු සියලූ දෙනාම කුණු දාන එකට පක්ෂව අත ඉස්සුවා. ජනතාව ඊට විරුද්ධව උද්ඝෝෂණ කළා. ගෝඨාභය රාජපක්ෂ හමුදාව පොලීසිය දාලා මිනිස්සු බිය වද්දලා කුණු දැම්මා. වසර ගණනකට පසුව එම ප්‍රදේශය කුණු කන්දක් බවට පත් වුණා. අවසානයේ ඒ කුණු කන්ද කඩා වැටිලා විශාල ඛේදවාචකයක් ඇති වුණා. මේ තත්වය ආණ්ඩුව විසින් පාලනය කළ යුතුව තිබුණා.”
යැයි ජනතා විමුක්ති පෙරමුණේ පා. ම. විජිත හේරත් අවධාරණය කළේ ය.

කොලොන්නාව නගර සභාව, බස්නාහිර පළාත් සභාව, ආණ්ඩුව මෙම ප්‍රශ්නය සැලකිල්ලට ලක් කළේ නැහැ. ප්‍රධාන ප්‍රශ්නය තමයි අපේ රටේ තියෙන කුණු මාෆියාව. මෙම කුණුවලින් සල්ලි හම්බ කරන දේශපාලනඥයින් සහ නිලධාරීන් පැලැන්තියක් ඉන්නවා. ඔවුන් කුණු ඉල්ලමක් කරගෙන මුදල් හම්බ කරනවා. ඒ නිසයි මේ තරම් කුණු ප්‍රශ්නයක් වෙලා තියෙද්දී කුණු කඳු ගොඩගැහෙන්නේ. එකතු වෙන කුණු කසළ ජන ශුන්‍ය ප්‍රදේශයකට බැහැර කරලා ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. නමුත් කුණු ඉල්ලමක් කරගත්තු දේශපාලනඥයින්ගේ බලපෑම් නිසා මේ ප්‍රශ්නයට විසඳුම් හොයන්න බැරිවෙලා තිඛෙනවා.” යැයිද මන්ත්‍රීවරයා පැවසුවේ සිය පක්ෂ මූලස්ථානයේ අද (20) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

අද මහ ඇමතිවරු, ආණ්ඩුවේ ඇමතිවරු එක එක කතා කියනවා. බස්නාහිර මහ  ඇමතිවරයා මෙගා පොලිස් ඇමතිවරයාට වගකීම පවරනවා. බ්‍රිතාන්‍ය සමාගමක් ඉදිරිපත් කරපු ව්‍යාපෘතිය චම්පික රණවක ප්‍රතික්ෂේප කළා කියලා මහ ඇමති කියනවා. ඇමතිවරු කඹ අදිනවා. මහ ඇමති එකක්, මෙගා පොලිස් ඇමති තව එකක් කියනවා. මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කරන්න සමාගම් 108ක් ඉල්ලූම් කළා. මෙම කුණු දහනය කොට විදුලිය නිපදවන්න, ජීව වායුව හදන්න, පොහොර හදන්න, ඔවුන් ව්‍යාපෘති ගණනාවක් ඉදිරිපත් කළා. ලැඛෙන ලාභයෙන් ආණ්ඩුවට කොටසක් ගෙවන්නත් යෝජනා වුණා. නමුත් ඒ කිසිවක් ක්‍රියාත්මක වුණේ නැහැ. මීතොටමුල්ලට විතරක් නෙවෙයි බ්ලුමැන්ඩල්වලටත් වුණේ එකම දෙයක්. මේ ප්‍රදේශවල පමණක් නොවෙයි රටේ විවිධ ප්‍රදේශවල කුණු ප්‍රශ්නය උග්‍ර වෙමින් තිඛෙනවා. කුණු මාෆියාව නිසා උත්තර හොයන්න බැරිවෙලා තියෙනවා.

දැන් ආණ්ඩුව විසඳුමක් කියලා තවත් පැලැස්තරයක් අලවන්න යනවා. මේ කුණු තව ස්ථානයකට ගෙනිහින් දාන්න යනවා. කලින් ආණ්ඩුව පුත්තලමට ගෙනියන්න හැදුවා. මේ ආණ්ඩුව ඒකල ඔතේ කැලේට කුණු දාන්න හදනවා. එම ප්‍රදේශයත් ජනාකීර්ණ ප්‍රදේශයක්. අනෙක් පැත්තෙන් අත්තනගලූ ඔය තියෙනවා. සුළු වැස්සකටත් ගංවතුරෙන් යට වෙනවා. ඒ නිසා අනතුරක් තිඛෙනවා. ඒ නිසයි ඒකල ජනතාව මීතොටමුල්ලේ කුණු එපා කියන්නේ. ආණ්ඩුව කරන්න හදන්නේ මීතොටමුල්ලේ ප්‍රශ්නය ඒකලට ගෙනියන එකයි. ඒක උත්තරයක් නෙවෙයි. අනෙක් පැත්තෙන් කොළඹ කුණු කරදියානට ගෙනියන්න හදනවා. එතැනත් ටොන් ලක‍ෂ ගාණක කුණු එකතු වෙලා. කරදියානත් ජනාවාසකරණය වූ ප්‍රදේශයක්. අනෙක් පැත්තෙන් බොල්ගොඩ ඔය. ඒ නිසා තමයි පක්ෂ භේදයක් නැතිව පොදු ජනතාව මේකට විරුද්ධ වෙන්නේ. ආණ්ඩුවේ නායකයෝ කියනවා, මේක දේශපාලන උසිගැන්වීමක් කියලා. ඒ චෝදනාවලින් ආණ්ඩුව කියන්න හදන්නේ තමන්ගේ බැරිකමයි. තමන්ට ස්ථීර විසඳුමක් නැතිකමයි. මේක හරියට තමන්ගේ වත්තේ කුණු අනුන්ගේ වත්තට දාලා බේරෙන්න හදනවා වගේ වැඩක්. ඒකෙන් ප්‍රශ්නය විසෙඳන්නේ නැහැ.” යි යන්න මන්ත්‍රීවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: