මුෂ්ෆිකර් ලංකාවට අනතුරු ඇඟවයි

February 28, 2017 | 10:06 am    0   638

මුෂ්ෆිකර් ලංකාවට අනතුරු ඇඟවයි

ලබන මස ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලිය ජය ගැනීමට හැකි කණ්‌ඩායමක්‌ තමන්ට සිටින බවත් ශ්‍රී ලංකාවේ පරිණත ක්‍රීඩකයන් අඩුවීමද තමන්ගේ වාසියට කරුණක්‌ බවත් බංග්ලාදේශ ටෙස්‌ට්‌ නායක මුෂ්ෆිකර් රහීම් පවසයි.

ඔහු මේ අදහස්‌ පළ කර තිබුණේ විදෙස්‌ මාධ්‍ය හමුවකදීය.

“අපිට ලෝකයේ ඕනෑම කණ්‌ඩායමක්‌ පරාජය කරන්න පුළුවන් කණ්‌ඩායමක්‌ ඉන්නවා. ඒ ගැන අපේ ජනතාවත් දන්නවා. අපි අපේ ක්‍රීඩාව හොඳින් කළොත් ශ්‍රී ලංකාවේදී ජය ගන්න පුළුවන්.” යෑයි මුෂ්ෆිකර් පවසයි.

මීට පෙර බංග්ලාදේශය සමග ටෙස්‌ට්‌ තරගවලට සහභාගි වූ කුමාර් සංගක්‌කාර, මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ෂාන්, තිලාන් සමරවීර වැනි ක්‍රීඩකයන් දැන් ශ්‍රී ලංකා පිලේ නොසිටීම සහ අත්දැකීම් පිරි නායක ඇන්ජලෝ මැතිව්ස්‌ද ආබාධයක්‌ හේතුවෙන් තරගාවලියට සහභාගි නොවීමෙන් බංග්ලාදේශ නායකයා ජයග්‍රහණය පිළිබඳව වැඩි විශ්වාසයක්‌ මවාගෙන තිබේ.

“අපිට ඉන්නෙ ශ්‍රී ලංකාවේ පුහුණූකරු කාර්ය මණ්‌ඩලයක්‌. ඔවුන් අපිට මෙහි තත්ත්වය සහ ක්‍රීඩා කළ යුතු දේ පිළිබඳව උපදෙස්‌ ලබාදීලා අපිව හොඳ තැනකට ගෙනල්ල තියෙන්නෙ. අපිට ශ්‍රී ලංකාවේ කඩුලු විස්‌සක්‌ දවා ගන්න පුළුවන් පන්දු යවන්නෝ ඉන්නවා. ඒ නිසා අපි අපේ හොඳම ක්‍රිකට්‌ ක්‍රීඩාවේ යෙදුනොත් ජය ගන්න පුළුවන්.” යෑයි මුෂ්ෆිකර් වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: