මූණ නෙමෙයි හදවතයි ලස්සන වෙන්න ඕන – Lupita Nyong

April 18, 2017 | 3:00 pm    0   338

මූණ නෙමෙයි හදවතයි ලස්සන වෙන්න ඕන – Lupita Nyong

 

ඔයාත් රූපය ගැන වද වෙනවද? එහෙනම් මේ ක්‍රමය වැදගත්.
අපි ගොඩක් අය අපේ ලස්සන ගැන හිතනවා. අපේ හමේ පාට ගැන හිතනවා. ඛ්පඥචථ එකක් ගාලා හරි සුදු වෙන්න තමයි බලන්නේ.
ලස්සන වෙන්න දඟලන ඒ කට්ටියන්ට ලස්සන වෙන්න ලේසි ක්‍රමයක් කියන්නයි යන්නේ. ඒ Lupita Nyong සමඟ.
Lupita Nyong කියන්නේ කළු ජාතික කාන්තාවක්. තමන්ට ලැබුණ පාටත් එක් ඇය තමන්ටම වෛර කරන්න ගත්තා. නමුත් අවසානෙට ඇය ලොවක් ආදරේ කරන ලස්සන කෙනෙක් වුණා.

කුඩා කාලේ ඉඳලාම ඇය කළුයි. කැතයි. ආස කළේ සුදු වෙන්න. සුදු වෙලා ලස්සන වෙන්න. කළු නිසා හැමෝම සරදම් කරනවා කියලා හිතුවා. ඇය දෙවියන්ගෙන් ඉල්ලූ එකම දේ වුණෙත් ලස්සන කරන්න කියලා විතරයි. උදේ කණ්ණාඩිය ළඟට ගිහින් බලන්නේ සුදුවෙලාද කියලා. ඒත් දවසින් දවස කළු වුණා. තරුණ වුණු Lupita මේ ප්‍රශ්නයෙන් තවත් පීඩා වින්දා.
මෙහෙම විඳවන Lupitaට, දවසක් තමන් වගේම අඟුරු වගේ කළු කෙනෙක් ජාත්‍යන්තර භූමිකාවකින් දකින්න ලැබුණා. ඇය ඒතඥඬ. ඇය නිරූපිකාවක්. ඇයට ලැබෙන ප්‍රතිචාර හරි ඉහළයි. පත්තර සඟරාවල යන්නේම ඇය ගැන. හැමෝම කතා කරන්නේ මේ කට්ට කළු කාන්තාව ගැන.
එදා සිට Lupita හිතන්න ගත්තා තමන් පසුතැවෙන්නේ බොරු දේකට කියලා. ඒ බොරු අදහස් ඉවත් කරලා ඉද්දී ඇයට තේරුණා තමන්ටත් ආදරේ කරන පිරිසක් ඉන්නවා කියලා. සුදු අයව ජයග්‍රහණය කරමින් ඉදිරියට යන බව ඇයට දැනුණා.

ලස්සන තමන්ව පෝෂණය නොකරන බව ඇය අවසානෙට තේරුම් ගත්තා. තමන්ව පෝෂණය කරගන්න ඊට වඩා ශක්තීන් අවශ්‍ය බව ඇයට අවබෝධ වුණා.
ඇත්තටම ලස්සන කියන්නේ ඔබට හා ඔබ වටා ඉන්න අයට ඇති සානුකම්පිත බවයි. ලස්සන හදවතක් තියෙනවානන් ජපඥචථ ගගා සුදුවෙන්න ඕන නෑ නේද? බාහිර සුන්දරත්වයට වඩා අභ්‍යන්තර සුන්දරත්වය සුන්දර කරගත්තොත් ඔබ නිකම්ම ලස්සන වෙනවා, වියදමක් නැතුව. අපරාදේ නේද සුදු වෙන්න ගාන ක්‍රීම්වලට දෙන සල්ලි.

අනුකි ජයලත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: