“හෙට තරගය ජයගත හැකියි” – තරංග

අපිට මේ ලැබූ ශක්‌තියත් සමග සිකුරාදා තරගය කොහොම හරි ජය ගන්න පුලුවන් කියන විශ්වාසය ඇති වුණායැයි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායක උපුල් තරංග පවසයි.

දකුණු අප්‍රිකාවේදී ලකුණු අහේනියකට ලක්‌ව සිටි ශ්‍රී ලංකා පිතිකරුවෝ හිටි හැටියේ ක්‍රියාත්මක වෙමින් කේප් ටවුන්හී පැවැති සිව්වැනි එක්‌දින තරගයේදී දකුණු අප්‍රිකානුවන් ලබාදුන් දැවැන්ත ඉලක්‌කය (367) අසලටම ගොස්‌ ලකුණු 40 කින් පරාජයට පත්විය.

වැඩිදුරටත් අදහස් දැක්වු තරංග මෙසේද පැවසීය.

”ඇත්තටම ඩු ප්ලෙසිස්‌ සහ ඩිවිලියර්ස්‌ හොඳ සබඳතාවක්‌ එක්‌ කළා. එතනදී ඔවුන්ට ලකුණු 350 සීමාවට එහා යන්න අවස්‌ථාව තිබුණා. අපි පන්දුවට පහර දෙන විට සැලසුම් කළේ කොහොම හරි හොඳ ආරම්භයක්‌ ලබා ගත යුතුයි කියන එක. ඒ නිසා මටත් දික්‌වැල්ලටත් පුලුවන් වුණා හොඳ ආරම්භයක්‌ ලබා ගන්න. අවසානයේදී හොඳ පිතිකරුවකුට කඩුල්ලේ රැඳී ඉන්න පුලුවන් වුණා නම් ප්‍රතිඵලය වෙනස්‌ වෙන්න තිබුණා. නමුත් මේ ආරම්භය ගැන මට සතුටුයි. අපි සිකුරාදාට මේ ලැබූ ශක්‌තියත් සමග තරගය කොහොම හරි ජය ගන්න පුලුවන් කියන විශ්වාසය ඇති වුණා.”

තණතීරුව පිතිකරුවන්ට ලකුණු ලබා ගැනීමට පහසු එකක්‌ වූ බවත් නමුත් දඟ පන්දු යවන්නන්ට සුලු දඟ කැවීමක්‌ තිබූ බවත් තරංග පවසයි.

දෙරට අතර පැවැත්වෙන අවසන් එක්‌දින තරගය හෙට (10)දා සෙන්චූරියන් හිදී පැවැත්වේ.

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen + 18 =