මෛත්‍රී ගෙදර ගිහිල්ලලු

April 11, 2017 | 7:00 am    0   151

මෛත්‍රී ගෙදර ගිහිල්ලලු

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වසර 50ක කාලයක් පදිංචිව සිටි පොළොන්නරුවේ ‘ලක්ෂ උයන’ ගොවිජනපදයේ පිහිටි තම මවුපියන්ගේ නිවස වෙත ඊයේ (10) ගියේය.

‍පොළොන්නරුව ඓතිහාසික ගල්විහාරය අභියස පැවැති මහකන්නයේ අලුත් සහල් මංගල්‍යයට සහභාගි වූ ජනාධිපතිවරයා ආරක්ෂක භටයන් නැතිව ගිය මේ ගමනට පොළොන්නරුවේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පිරිසකට ද ආරාධනා කළේය.

සිය මවුපියන් සහ සහෝදර සහෝදරියන් සමඟ ජීවත් වූ මේ නිවස දැන් අබලන් වී ඇති හෙයින් මේ ඉඩමේ කුඩා නිවසක් ඉදි කරන බවත් දැනට වල් බිහි වී පවත්නා අක්කර තුනක ඉඩමේ අඹ, දොඩම්, පැපොල් වැනි වගාවන් ආරම්භ කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී කීය.

මේ වගාවෙන් ලැබෙන පළතුරු ජනාධිපතිවරයාට නොව වෙනත් අයගේ ආහාර සඳහා යොදාගැනීමට හැකි වන බව ද එතුමා සඳහන් කළේය.

ජනාධිපතිවරයා පැරණි නිවසට පැමිණි බව සැල වූ ගමේ දරුවන් එතැනට පැමිණි අතර එතුමා දරුවන්ගේ කරට අත දමා ළමයින් සමඟ ඡායාරූප ගන්නා ලෙසද මාධ්‍යවේදීන්ට කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: