“මෛත්‍රී, රනිල් සහ මහින්ද තුන්දෙනාම ඉල්ලුවත් පරදින ඡන්දයක්” – කවුරු ඉල්ලුවත් දිනන්නේ වෙන කෙනෙක්

July 10, 2017 | 1:49 pm    0   171

“මෛත්‍රී, රනිල් සහ මහින්ද තුන්දෙනාම ඉල්ලුවත් පරදින ඡන්දයක්” – කවුරු ඉල්ලුවත් දිනන්නේ වෙන කෙනෙක්

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ හෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත්වුව ද එම තිදෙනාම පැරදවිය හැකි අයෙක් ශ්‍රී ලංකාවේ සිටින බවත් එම නිසා එවන් ඡන්දයක ඇති බරපතල බව කොතරම් ද යන වග අර්ජුන රණතුංග ඇමතිවරයා සඳහන් කළේය. 

රණතුංග මහතා අනාගතයේ බිහිවන නව ආණ්ඩුවක තමාගේ කාර්යභාරය ගැන ද සඳහන් කර ඇති අතර එම නිසාවෙන්ම ඇමතිවරයාගේ මෙම අදහස් දැක්වීම ලෙහෙසියෙන් බැහැර කළ නොහැක්කක් බව ද දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

“මම හරිම කනගාටුවට පත්වෙනවා. මම ඇත්තටම බලාපොරොත්තු වුනා අපි ආණ්ඩුවක් හදපු වෙලාවේ ක්‍රිකට් ගොඩගන්න ඕනි කියලා, නමුත් මට එකට අවස්ථාවක් ලැබුනේ නැහැ. මම සභාපති ධුරයට නෙවෙයි තරග කලේ උප සභාපති ධුරයට. ඒත් මම ව්‍යාපාරිකයෝ දෙන්නෙකුට පැරදුණා. ක්‍රිකට් නිලවරණයකට මෛත්‍රී මහත්තය ගියත් පරදිනවා. රනිල් වික්‍රමසිංහ මහත්තය ගියත් පරදිනවා. හිටපු ජනාධිපතිතුමා ගියත් පරදිනවා. මොකද ක්‍රිකට් මාෆියාව කියන්නේ වෙනම දෙයක්. ඒක නැති කළා පසුගිය ආණ්ඩුව කලේ. මම ඒ ගැන සන්තෝස වෙනවා. අපි අපි හදපු ආණ්ඩුවේ නුසුදුසු පුද්ගලයෝ ඇවිත් ක්‍රීඩාව විනාශ කරනවා. මම හිතනවා ජනාධිපතිවරයා මේ පිළිබඳව අවධානය යොමුකළ යුතුයි කියලා. මොකද එතුමා තමයි ක්‍රීඩා ඇමතිවරයා පත් කරන්නේ. ක්‍රීඩා ඇමතිවරයා දැන්වත් තීරණයක් ගන්න ඕනි හරි පුද්ගලයෝ පත් කරන්න” ඒ මහතා ඒ පිලිබඳව සඳහන් කලේ එසේය.

“මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ  මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමාට. එතුමා වැරදි පුද්ගලයන්ට ක්‍රිකට් ක්‍රීඩාවට එන්න තිබ්බ දොරවල් වහල තිබ්බේ. නමුත් අපි හදපු යහපාලන ආණ්ඩුව ඒ නුසුදුසු පුද්ගලයන්ට එන්න අවසර ලබාදුන්නා” හිටපු ක්‍රිකට් නායක ඇමති අර්ජුන රණතුංග මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් වල පවතින වත්මන් අර්බුදය පිළිබඳව එසේ සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: