මොනව ද මේ Alcohol?

January 31, 2017 | 11:00 am    0   1052

මොනව ද මේ Alcohol?

එතනෝල් කියන රසායනික ද්‍රව්‍ය අඩංගු ඕනම ද්‍රව්‍යක් මධ්‍යසාර ගණයට අයිති වෙනවා කියලා තමයි විද්‍යානුකූලව හඳුනාගෙන තියෙන්නේ. විස්කි, බ්‍රැන්ඩි, ජින්, බියර්, අරක්කු වගේ එක එක නම්වලින් හැඳින්වෙන මේවා හැම දෙයක්ම ඉතින් අයිතිවෙන්නේ alcoholට. ලංකාවේ නම් alcohol දේශීයව නිෂ්පාදනය කරනවා වගේම විදේශයන්ගෙන් ආනයනය කරන බවත් අපි දන්නවා. සාමාන්‍යයෙන් මේවා වාෂ්පශිලී සහ ගිනි ගන්නා සුළු බවින් ඉහළයි.

සාමාන්‍යයෙන් මිනිස් ආහාර ජීර්ණ පද්ධතිය තුළ සිදුවන නොයෙකුත් පැසවීමේ ක්‍රියාවලි තුළින් හා බැක්ටීරියා ක්‍රියාකාරිත්වය නිසා දවසකට alcohol 3gකට ආසන්න ප්‍රමාණයක් නිපදවෙනවා. හැබැයි ඒක විෂ ද්‍රව්‍යක් වෙන්න කලින් රසායනික ප්‍රතික්‍රියා කිහිපයකට ලක්වෙලා ජලය සහ කාබන්ඩයොක්සයිඩ් අවසාන ප්‍රතිඵලය බවට පත් වෙනවා. හැබැයි බාහිරින් ඇඟට alcohol එකතු වෙද්දි තත්ත්වය ටිකක් වෙනස්. මොකද මේ මද්‍යසාර බිඳ හෙලීමේ ක්‍රියාවලිය ජාන මඟින් පාලනය වෙන එකක්. මේක හැමෝගෙම එක සමානව සිද්ධ වෙන්නේ නෑ. ඒක නිසා ඇඟ ඇතුළේ විෂ ද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන් අවධාවමක් තියනවා. මේ නිසා එක සමානව alcohol ගන්න දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් රෝගී වෙලා අනිත් කෙනාට එහෙම නො වෙන්නත් පුළුවන්. හැබැයි වැදගත්ම කාරණාව වෙන්නේ alcohol ගන්න කවුරු වුණත් මොන වෙලාවේ හරි ලෙඩ කරවන්න වගේම මරා දමන්න වුණත් එයාට පුළුවන්.

මද්‍යසාර භාවිතය මේ වෙද්දි මුලු ලෝකෙටම තර්ජනයක් වෙලා තියනවා. මොකද සිගරට් බීමට පස්සේ ලෝකයේ මිනිසුන් වැඩිම ප්‍රමාණයකගේ අකල් මරණයට හේතුවන රෝගකාරකය මද්‍යසාර බව මේ වෙද්දි හොයාගෙන තියනවා. ඒ වගේ පරිසරයක තාමත් අපි මේ අරක්කු, බියර්, වයින්, විස්කි වගේ ඕනම වර්ගයක මද්‍යසාරයක් ගැන එතරම් ගැටළු සහගත හැඟීමකින් බලන්නේ නැත්තේ ඇයි?

ඒකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ මේ මද්‍යසාර කර්මාන්තය විසින් එක එක නිෂ්පාදනය වටේට ගොඩනඟලා තියන සන්නාම බලය හා ආකර්ෂණයයි. මද්‍යසාර සන්නාමයන් සඳහා ආකර්ෂණීය බවක් අත් කරලා දෙන්න ඉතිහාසය පුරාවටම industry එක ගත්ත උත්සාහය අපි දැකලා තියනවා.

එයාලා මේකට ප්‍රධාන වශයෙන්ම ඉලක්ක කරගන්නේ ක්‍රීඩාව සහ සිනමාව. ලෝකේ ඉන්න ඕනම තරුණයෙක් හරි පොඩි දරුවෙක් හරි කැමැත්තක් දක්වන ඕනම ක්‍රීඩාවක් හරහා මද්‍යසාර ගැන ඇත්ත කතාව වසං කරලා ආකර්ෂණය ගොඩනඟන්න බහුතරයක් ක්‍රීඩාවන් භාවිතා කරන්න මද්‍යසාර සමාගම් මේ වෙද්දි සමත්වෙලා තියනවා. Football මැච් එකක්, Cricket මැච් එකක් බලද්දි බියර් brand එකක් ප්‍රදර්ශනය වීම, ඒ ගැන ලස්සන ලස්සන වචන දාලා ප්‍රේක්ෂක මනසේ මද්‍යසාර ගැන ධනාත්මක ආකල්ප ගොඩනඟන අතර ground එකේ තැන් කිහිපයකම එම වර්ගයට අයත් බියර් විකිණීම ද සිදු කරනවා. තරුණ ළමයින් තුළ ඒ ඇති කරවන ආකල්පය භාවිතයට පෙළඹුමක් නැති වුණාට ආකර්ශනීය එකක්. ක්‍රීඩාවක් හාරහා මේ විදිහට ලබාදෙන ප්‍රචාරණය අද වෙද්දි මුළු ලෝකයටම ප්‍රශ්නයක් වෙලා වගේම life style changes වලටත් හේතුවෙලා තියෙනවා.

සමහර වෙලාවට මේ alcohol නිසා ඔයාටත් සිද්ධ වෙන life style changes ඉක්මණින් අසනීප හැදෙන්න, ජීවිතේ ප්‍රශ්න ඇති වෙන්න, පවුලේ අය, යාළුවෝ අහිමි වෙන්න, මරණය පවා ඇතිවෙන්න හේතුව වෙන්න පුළුවන්. ඒ නිසා පරිස්සමෙන්. ඔයාගේ ජීවිතේ වගකීම තියෙන්නේ ඔයාගේ අතේ.

රිද්මි පතිරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: