මොබිටෙල් වෙතින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඩිජිටල් රීචාජ් පද්ධතියක්

May 2, 2017 | 5:00 pm    0   205

මොබිටෙල් වෙතින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඩිජිටල් රීචාජ් පද්ධතියක්

ශ්‍රී ලාංකික ජාතික ජංගම දුරකථන සේවා සැපයුම්කරු වන මොබිටෙල් විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඩිජිටල් රීචාජ් පද්ධතියක් (ගිණුම් අලුත් කිරීමේ) (Digital Recharge System) හඳුන්වා දෙමින් ශ්‍රී ලාංකේය දුරකතන ජාලය තුළ විප්ලවීය වෙනසක් සිදුකරයි.
ජංගම වාණිජ්‍ය විප්ලවයේ ඉදිරි පෙරමුණෙහි වූ සිය නායකත්වය ස්ථීරව පවත්වා ගැනීමට ඒ අනුව මොබිටෙල් සමාගමට හැකිව තිබෙන අතර මෙම ඩිජිටල් පද්ධතිය නිල වශයෙන් හඳුන්වාදීම පසුගිය දා කොළඹ දී සිදුකෙරිණි.
සිය පාරිභෝගික ප්‍රජාවට සහ බෙදාහැරීම් පාර්ශවකරුවන් වෙත ලෙහෙසි පහසු සේවාවන් තිළිණ කිරීම වෙනුවෙන් වූ මොබිටෙල් හි කැපවීම අඛණ්ඩව පවත්වා ගනිමින් දේශීය වෙළෙඳපොළට මෙම තාක‍්ෂණය හඳුන්වාදීමට පියවර ගෙන තිබෙන අතර ජංගම සන්නිවේදන සේවා මෙහෙයුම්කරු ලෙස පසුගිය මාස කිහිපය තුළ නව්‍යකරණය වූ සේවාවන් රැසක් හඳුන්වාදෙමින් මෙම ඩිජිටල් රීචාජ් පද්ධති සේවාව හඳුන්වා දී තිබේ.
මේ සමඟින් බල ගැන්වෙන මොබිටෙල් ඩිජිටල්කරණයේ මෙම දැවැන්ත පිම්ම ශ්‍රී ලාංකික විදුලි සංදේශ ක්ෂේත්‍රයේ තොරතුරු සහ සන්නිවේදන නායකයකු නැත්නම් පෙරගමන් කරුවකු ලෙස මොබිටෙල් සතු හැකියාව, සාක‍ෂි සහිතව යළි බලගන්වයි. මොබිටෙල්හි නවතම රීචාජ්පද්ධතිය (Digital Recharge System) මඟින් දහසකුත් එකක් මාර්ග ඔස්සේ පාරිභෝගික පහසුව ඉහළ නංවන ලදී. සාමාන්‍යයෙන් පෙරගෙවුම් ජංගම දුරකථන පාරිභෝගිකයින් ඔවුන්ගේ ගිණුම් නැවත රීචාජ්කර ගැනීම සඳහා දැනට සූරන (ස්ක්‍රැච්) කාඩ් සහ රීලෝඩ් භාවිත කරනු ලබයි.
මොබිටෙල්හි නවතම ඩිජිටල් රීචාජ් පද්ධතිය දියත් කිරීමත් සමඟම බෙදාහරින සිල්ලර වෙළෙඳුන්ට POS යන්ත්‍රයක් භාවිත කළහැකි අතර ඔවුන්ගේ පාරිභෝගිකයින් වෙත නිකුත් කිරීම සඳහා අවශ්‍ය රීචාජ් කාඩ් ඔවුන්ටම මුද්‍රණය කළහැකියි. මෙම යන්ත්‍රය මඟින් විවිධ ප්‍රවර්ධන පහසුකම් සලසා දෙන අතර වට්ටම් වැඩසටහන් සහ වෙනත් සේවාවන් රැසක් ද සිදුකිරීමට නියමිතය.
එසේම, මෙම යන්ත්‍රය මඟින් පාරිභෝගිකයන්ට පසු ගෙවුම් බිල්පත් ගෙවීම් කටයුතු ද සිදුකළ හැකි අතර බෙදාහැරීම් සිල්ලර පාර්ශ්වකරුවන්හට අවශ්‍ය විටෙකදී අපගේ ඩේටා සහ IDD කාඩ් ද මුද්‍රණය කළහැකිය. ජංගම දුරකතන භාවිතයේ දී යොදා ගන්නා පෙර ගෙවුම් කාඩ්පත් පරිසරයට මෙන්ම සෞඛ්‍යයට ද අහිතකර වියහැකි වන අතර නව පද්ධතියත් සමඟ පෙර ගෙවුම් කාඩ්පත සඳහා විසඳුමක් ලැබෙයි.
මෙම POS යන්ත්‍රයේ ජංගම ස්වභාවය (දුරකථනයක් මෙන් ගෙනයා හැකි බව) නිසා යන එන ඕනෑම තැනකට පහසුවෙන් ගෙන යාහැකි බැවින් පාරිභෝගිකයින් වෙළෙඳසැල වෙත පැමිණෙන තෙක් බලානොසිට ඔවුන් වෙතටම ගොස් සේවාවන් සපයාදීමේ අවස්ථාව වෙළෙඳුන්ට හිමිවේ. මෙමඟින් අතිවිශිෂ්ට පාරිභෝගික සේවාවක් සහ පහසුවක් හිමිකර දෙන අතර සැමටම, ඇතුළත්වීමේ අවස්ථාව සහ සබඳතාවන් එක හා සමානව තිළිණකරයි. මෙම පද්ධතිය ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට හඳුන්වාදෙනු ලබන්නේ මොබිටෙල් සමාගමයි.
මෙම ඩිජිටල් රීචාජ් පද්ධතියක් හඳුන්වාදීමේ අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී චන්දික විතාරණ මහතා පෙන්වා දුන්නේ කලක සිට මෙවැනි පද්ධතියක් හඳුන්වාදීමට මොබිටෙල් ආයතනය උත්සාහ ගත් බවත් ඒ අනුව කාර්යක්ෂමතාවය ඉහළ නංවමින් නව පද්ධතියක් හඳුන්වාදීමට හැකියාව ලැබී තිබෙන බවත්ය. මෙම නව හඳුන්වාදීමට සමඟාමීව POS යන්ත්‍ර 50ක් උප අලෙවි නියෝජිතයන් වෙත බෙදාදීම ද සිදුවිය.
ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ වෙළෙඳ ජාල මෙහෙයුම් කළමනාකාර සංජීව සිල්වා මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: