මෝටර් රථයක් දුම්රියේ ගැටී තරුණයන් දෙදෙනෙකු අනතුරට පත්වේ

June 26, 2017 | 6:37 pm    0   168

මෝටර් රථයක් දුම්රියේ ගැටී තරුණයන් දෙදෙනෙකු අනතුරට පත්වේ

මාතර සිට කොළඹ දෙසට ධාවනය වූ මන්දගාමී දුම්රියක මෝටර් රථයක් ගැටීමෙන් තරුණයන් දෙදෙනෙකු අනතුරට පත්වූ පුවතක් අද (26) සවස වැලිගම ප්‍රදේශයෙන් වාර්තා විය.

වැලිගම පැලාන පොල් අතු මෝදර ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත. එම තරුණයන් පැමිණි මෝටර් රථය දුම්රිය හරස් මාර්ගය වසා තිබියදී අධික වේගයෙන් පැමිණ දුම්රියේ ගැටී ඇති බව සිද්ධිය ඇසින් දුටුවන් පවසයි.

මෙම මෝටර් රථය තුල මත්පැන් බෝතල් කිහිපයක් තිබී සොයාගෙන ඇති බව ද වාර්තා වේ. එමනිසා මෙම තරුණයන් ඒ වනවිට බිමත්ව සිට ඇති බවට ප්‍රදේශවාසීන් සැක කරයි.

මේ පිළිබඳව දුම්රිය හරස් මාර්ගය භාර මුරකරුගෙන් විමසීමේදී ඔහු සඳහන් කලේ දුම්රිය වෙනදාට වඩා වේලාසනින් පැමිණ ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: