‘මෝදි’ බෙදා ගන්න තොණ්ඩමන් – දිගම්බරම් මරා ගනිති

May 8, 2017 | 4:00 pm    0   160

‘මෝදි’ බෙදා ගන්න තොණ්ඩමන් – දිගම්බරම් මරා ගනිති

කඳුරට නව ගම්මාන වතු යටිතල පහසුකම් අමාත්‍ය පලනි දිගම්බරම් තමන් සමග ගැටුමකට පැමිණි⁣යේ යයි උෟව පළාත් සභා මන්ත්‍රී සෙන්දිල් තොණ්ඩමන් හැටන් පොලිසියට පැමිණිලි කර තිබේ.

තමන් නොර්වුඩ් ප්‍රදේශයේ ආධාරකරුවන් හමුවීමට යන අවස්ථාවේ අමාත්‍ය පලනි දිගම්බරම් මහතා ඇතුළු ආධාරකරුවන් පිරිසක් නොර්වුඩ් නගරයේදි තමන් ගමන් ගත් වාහනය හරස් කරමින් තමන්ට පහර දීමට තැත් කර තමන්ට මරණ තර්ජන එල්ල කළ බව පවසමින් සෙන්දිල් තොණ්ඩමන් මහතා විසින් හැටන් පොලිසියට පැමිණිල්ලක් කරනු ලැබ තිබේ.

ඊයේ(07) රාත්‍රි 7.00 ට පමණ මෙම සිදුවිම සිදු වු බවත් තම ආධාරකරුවන් පැමිණී එක් වාහනයකට පහර දී අලාභහානි කළ බවත් සෙන්දිල් තොණ්ඩමන් මහතා හැටන් පොලිසියට කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන් වේ.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පවසන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා වතුකරයේ ජනතාව ඇමතීම සදහා නොර්වුඩ් ක්‍රීඩාංගණයට පැමිණීමේ උත්සවය තම අමාත්‍යංශයෙන් සංවිධානය කරන බවත් එය කඩාකප්පල් කිරිමට ලංකා කම්කරු කොංග්‍රසයේ සෙන්දිල් තොණ්ඩමන් ඇතුළු පිරිසක් කටයුතු කරමින් සිටින බවයි. තමන් කිසිසේත් සෙන්දිල් තොණ්ඩමන් මහතා සමග ගැටුමක් ඇති කර ගැනීමට කටයුතු නොකළ බවද අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පවසයි.

ලබන (12) වන දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා ඉන්දිය ආධාර යටතේ දික්ඔය මුලික රෝහලේ ඉදිකළ නව වාට්ටු සංකිර්ණය විවෘත කර නොර්වුඩ් ක්‍රිඩාංගණයේදී වතුකරයේ ජනතාව ඇමතීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: