යටගිය මතක !!

April 18, 2017 | 1:00 pm    0   119

යටගිය මතක !!

 

තොරතෝංචියක් නැතුව දුවන නාගරික පරිසරයෙන් පොඩ්ඩක් මිදිලා ගෙදර ආවම දැනෙන්නේ ගතට වගේම හිතටත් ලොකු සැනසීමක්.අද වගේ නෙවේ ඉස්සර අපිට ලොකු නිදහසක් තිබ්බා, පුංචි අපේ හීනත් හරිම පොඩියි. ලොකු ලොකු හීනත් එහෙන් මෙහෙන් නොතිබ්බම නොවෙයි. මතක හැටියට අනූ ගණන්වල තමයි අපේ කාලයේ ස්වර්ණමය යුගය ඉස්කෝලේ පොඩිම පන්තිවල කල් මරපු අපිට සුන්දර මතක සටහන් තිබුනා. ඒ කාලේ නෙස්ප්‍රේ කිරි පැකට් එකේ ආව මේ වගේ කතා පොත් එකතුව කවමදාවත් අමතක වෙන්නේ නෑ. පුහුල් හොරා , ලබ්බේ තොවිලේ , යකාගේ කතාව , වගේ ගැමි කතා චිත්‍ර රූප අනුසාරයේ හරි සාරවත් විදිහට ඉදිරිපත් කරලා තිබුනා.ඊට පසුකාලෙකදී නෙස්ප්‍රේ පැකට් එකේම ආව ලොකු කුරුලු ස්ටිකර් සියල්ලම වාගේ එකතු කලා මතකයි,ඒවගේ සුවඳ අදටත් ලාවට මතකයි මතකයි වගේ.

කොකාකෝලා මෙගා බෝතලෙත් එක්ක ලැබුනු “යෝයෝ” ක්‍රීඩා උපකරණය අදටත් මතකේ තියෙනවා.මතකද සන්ලයිට් සබන් කැට කොල අස්සේ ආපු පවුලේ සාමාජිකයින්ගේ පින්තූර එකතු කලා.ඒ වගේම කැන්ඩෝස් , එඩ්නා චොක්ලට් වල තිබුනු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ස්ටිකර් ඉලක්කම් පිළිවෙලට එකතු කරලා පොතක අලවපු හැටි.

මෙවා හුදු වෙළඳ ප්‍රවර්ධන වැඩසටහන් වෙන්නට ඇති.එහෙත් අප එකල මෙවැනි සුන්දර දේ එකතු කොට ලැබූ වින්දනය හා දැනුම වේගවත් සමාජ ප්‍රවාහයකට අසුවී අතරමංව සිටින අද දරුවන්ට කෙසේවත් නොලැබෙන බව නම් පසක් වී ඇත.

හසිත හේරත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: