යාපනයේ තරණයන් දෙදෙනෙකු යලිත් කපා කොටා දාලා

August 3, 2017 | 3:57 pm    0   211

යාපනයේ තරණයන් දෙදෙනෙකු යලිත් කපා කොටා දාලා

යාපනයේ චුන්නාක්කම් පොලිස් බල ප්‍රදේශයේදී කන්කසන්තුරේ මාර්ගයේදී ඊයේ (02) සවස තරුණයන් දෙදෙනෙකු කපා කොටා දරුණු තුවාල සිදුකර ඇත.

නාදුනන යතුරුපැදි කල්ලියක සාමාජිකයන් විසින් මෙය සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඊයේ (02) රාත්‍රී 11.30 පමණ එම තරුණයන් දෙදෙනා මාර්ගයේ ගමන් කරමින් සිටියදී එක් වරම පැමිණි නාදුනන යතුරුපැදි කල්ලියක් විසින් තියුණු ආයුධ වලින් කපා කොටා මෙම තරුණයන්ට තුවාල සිදුකොට පලා ගොස් ඇත.

මෙම සිදුවීමත් “ආවා” කල්ලියේ සිදුවීමක් බවට පොලිසිය සැක කරයි. මිට පෙරද එම කල්ලිය විසින් යාපනයේදී මෙලෙස තරුණයන්ව කැප කොටා තුවාල සිදුකර පලාගොස් තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: