යුද්ධයට අණ දුන්නේ මම නෙවෙයි එවකට යුද හමුදාපතිවරයා – ජෙනරාල් ජගත් ජයසුරිය

August 31, 2017 | 12:11 pm    0   155

යුද්ධයට අණ දුන්නේ මම නෙවෙයි එවකට යුද හමුදාපතිවරයා – ජෙනරාල් ජගත් ජයසුරිය

උතුරේ යුද්ධයට අණ දෙමින් යුද අපරාධ කල බවට ජාත්‍යන්තරය විසින් තමන්ට එල්ල කරන යුද අපරාධ චෝදනා ප‍්‍රතික්‍ෂේප කරන බව හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර තිබුනේ පුද්ගලික මාධ්‍ය ආයතනයක් ඒ පිළිබඳව ඔහුගෙන් කළ විමසීමකදීය.

මානුෂීය මෙහෙයුම සමයේදී උතුරේ ආඥාපතිවරයා ලෙස තමන් භට කණ්ඩායම්වලට ඍජුව අණ දීමක් සිදුකර නොමැති බවයි ජෙනරාල් ජගත් ජයසූරිය එහිදී ප්‍රකාශ කර තිබුනේ.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

“වන්නි ආඥාපති වශයෙන් රාජකාරී කළා කියලා සියලුම වගකීම් මගේ පිට පැවරෙන්නේ නැහැ. කවුරුත් දන්නවා නේ යුද්ධයේ අණ දුන්නේ එවකට හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකානේ. ඒක ඔහු පැහැදිළිව ප්‍රකාශ කරලත් තියෙනවා. ඒ අනුව තමයි මගේ රාජකාරිය ඉටු කරලා තියෙන්නේ. මට ඒ කාලේ ලිඛිතවම දන්වලා තිබ්බා මම ක්‍රියාන්විතය සම්බන්ධයෙන් කිසිම වගකීමක් නැහැ.මගේ වගකීම තියෙන්නේ බටකාර සම්පාදනය පමණයි කියලා.” 

ජාත්‍යන්තරය සමග ශක්තිමත් සබඳතා ඇතිකර ගෙන ඇති බවට රජය සිදුකරන ප‍්‍රකාශ මෙවැනි සිද්ධීන්වලින් පිළිගත නොහැකි බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත.

“පසුගිය කාලයේ රජය විවිධ අවස්ථාවලදි කිව්වා විදුලි පුටු දැන් නැහැ. යුද අධිකරණ ඉවත් කළා. දෙමුහුන් අධිකරණ නැහැ. කවුරුවත් යුද අධිකරණවලට ගෙනියන්නේ නැහැ.  ඔක්කොම ප්‍රශ්න දැන් විසඳලයි කියලා. රජය ප්‍රකාශ කළ පමණින් ප්‍රශ්න විසඳිලා නෑ කියලා තමයි මට නම් තේරෙන්නේ. ඒක එක්සත් ජාතීන්ගේ සංගමයෙන් ලිඛිතව ඉදිරිපත් කරලා ලිඛිතව අපිට සහතිකයක් ගන්න ඕනේ. ශ්‍රී ලංකාව මේ ප්‍රශ්නයෙන් නිදොස් කරලයි කියලා. එතකොට තමයි ලෝකයේ රටවල් පිළිගන්නේ රජයට මෙහෙම චෝදනාවක් නැහැයි කියලා.” 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: