රංගන හේරත් ලෝකෙන්ම පස්වෙනියා

July 16, 2017 | 4:36 pm    0   221

රංගන හේරත් ලෝකෙන්ම පස්වෙනියා

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට අදාලව පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේදී (15) ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන්නා වන රංගන හේරත් සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ සුවිශේෂී කඩයිමක් පසු කිරීමට සමත්විය. ඒ ටෙස්ට් තරගයක කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් දවාගත් පන්දු යවන්නන් අතර ලෝකෙන්ම 5 වැනි ස්ථානය හිමිකරගනිමිනි. 

රංගන පළමු ඉනිමේදී ලකුණු 116 කට කඩුලු 5ක් බිඳදැමීමට සමත්විය. අද (16) තරඟයේ දෙවැනි දිනයයි. මේ වනවිට සිම්බාබ්වේ කණඩායම දෙවැනි ඉනිම ක්‍රීඩා කරන අතර  එහිදීත් තවත් කඩුලු 4ක් බිඳදැමීමට රංගන මේවනවිටත් සමත්වී ඇත.

රංගන හේරත් තරඟ 81 කදී කඩුලු 5 කට වැඩ දවාගත් අවස්ථා ගණන 30කි.

මෙහි අංක 01 හි සිටින්නේ ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ඨතම දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ය. ඔහු තරඟ 133 කට සහභාගිවී කඩුලු 5 බැගින් බිඳහෙලු අවස්ථා ගණන 67කි.

එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ සිටිනුයේ ඕස්ට්‍රේලියාවේ ෂේන් වොන්ය. ඔහු තරඟ 145 කදී කඩුලු 5 බැගින් බිඳ දමා ඇති අවස්ථා ගණන 37කි.

තෙවැනි ස්ථානයේ සිටින්නේ නවසීලන්තයේ රිචඩ් හැඩ්ලිය. ඔහු කඩුලු 5 බැගින් ලබාගත් අවස්ථා ගණන 36කි.

ඉන්දියාවේ අනිල් කුම්බ්ලෙට සිව්වැනි ස්ථානය හිමිවී තිබෙන්නේ තරඟ 132කදී කඩුලු 5 බැගින් අවස්ථා 35 කදී දවාගෙන ඇති බැවිණි.

වත්මන් ටෙස්ට් ක්‍රිකට් පිටියේ සිටින ක්‍රීඩකයන් අතුරින් ඉන්දියාවේ රවිචන්ද්‍ර අශ්වින් මෙම සටහනේ 9 වැනි ස්ථානයේ රැඳී සිටින්නේ තරඟ 49 කදී කඩුලු 5 බදින බිඳහෙලු අවස්ථා 25ක් සටහන් කරගනිමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: