රජයේ දේපල පිටස්තරයින්ට දීම ජනපති තහනම් කළා

March 31, 2017 | 1:00 pm    0   248

රජයේ දේපල පිටස්තරයින්ට දීම ජනපති තහනම් කළා

රජයේ වතු සමාගම්වලට අයත් ඉඩම් පිටස්තර පුද්ගලයන්ට බදු දීම සහ විකිණීම වහාම නතර කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝග කළ බව ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් පවසයි.

තමා ඇතුළු ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජිතයන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ මහතාගේ නිවෙසේදී ඊයේ(30) හමු වී මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ අවස්ථාවේ ජනාධිපතිතුමා මෙම නියෝගය ලබා දුන් බවද මන්ත්‍රීවරයා පවසයි.

එමෙන්ම පිටස්තර පුද්ගලයන්ට කොටස් වෙන් කර දීම හේතුවෙන් නාවලපිටිය බෝහිල් වතු යායේ වසර ගණනාවක් පදිංචිව සිටින කම්කරු පවුල් එකසිය තිස් ගණනකට ඔවුන් පදිංචිව සිටින ඉඩම්වලින් ඉවත් වන ලෙස ජනතා වතු සංවර්ධන මණ්ඩලය කර ඇති නියෝගය වහාම නතර කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී නියෝග කළ බවද මන්ත්‍රී තොණ්ඩමන් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: