රජයේ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට ඉල්ලා අස්වන්නැයි මංගලගෙන් නියෝගයක්

May 24, 2017 | 3:00 pm    0   128

රජයේ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට ඉල්ලා අස්වන්නැයි මංගලගෙන් නියෝගයක්

නව ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස පසුගිය දා වැඩ භාර ගත් ජනමාධ්‍ය හා මුදල් ඇමැති මංගල සමරවීර රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් මුණ ගැසී ඇත.

අනතුරුව ඔහු පවසා ඇත්තේ රජයේ සියලු මාධ්‍ය ආයතන සභාපතිවරු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට ඉල්ලා අස් වන ලෙසයි.

ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනි ආයතනය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ලේක් හවුස් ආයතනය,  චිත්‍රපටි සංස්ථාව මේ අතර වෙයි.

මෙම ආයතනවල සභාපතිවරුන් අතරින් ගුවන් විදුලියේ නන්ද මුරුත්තෙට්ටුවේගම, ලේක් හවුසියේ කාවන් රත්නායක, චිත්‍රපට සංස්ථාවේ දීපාල් චන්ද්‍රරත්න යන මහත්වරුන් නැවත පත් නොකරන ලබනු ඇතැයි දැන ගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: