රජයේ වෛද්‍යවරු හෙට(30) සංකේතාත්මක වැඩ වර්ජනයක

November 29, 2016 | 3:20 pm    0   680

රජයේ වෛද්‍යවරු හෙට(30) සංකේතාත්මක වැඩ වර්ජනයක

මෙවර අයවැයෙන් රාජ්‍ය සෞඛ්‍ය සේවයට අහිතකර ආකාරයෙන් බලපාන කරුණු ගණනාවක් පිළිබඳව තම විරෝධය පළ කලත් ඒ සඳහා මේ වනතෙක් කිසිඳු සුබවාදී පිළිතුරක් නොලැබීම හේතුවෙන්  හෙට (30) උදෑසන 8.00 සිට පැය 24ක් පුරාවට සංකේතාත්මක වැඩ වර්ජනයක් සිදු කරන බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටිනවා.

එය එසේ ක්‍රියාත්මක වුවත් පිළිකා රෝහල්, රිජ්වේ ආර්යා ළමා රෝහල, වකුගඩු රෝග නිවාරණ ඒකක, කාසල් රෝහල වැනි රෝහල් කිහිපයක පමණක් වෛද්‍ය සේවාවන් ලබා දෙන බවත් ඔවුන් සඳහන් කර සිටිනවා.

සුබවාදී ප්‍රතිචාරයක් නොලැබුණහොත් අඛණ්ඩ වැඩ වර්ජනයක් බවටද එය පත් විය හැකිබව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: