රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අයිතිය – ඇමති කිරිඇල්ල උදුරා ගනී

April 11, 2017 | 10:00 am    0   144

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අයිතිය – ඇමති කිරිඇල්ල උදුරා ගනී

දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව ක්‍රියාත්මක වෘත්තීය සමිතියක් වන රජයේ වෛද්‍යය නිලධාරීන්ගේ සංගමයට මෙරට වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ කතා කරන්නට කිසිදු අයිතියක් නොමැති බවත් පසුගිය මැතිරණ වලදී මහින්ද රාජපක්ෂ දිනවීමට ක්‍රියාකළ ඔවුන් දැන් උත්සහ කරන්නේ යහ පාලන රජය අපහසුතාවට පත්කර පරාජිත කණ්ඩායමට දේශපාලන වාසි අත්කර දීමට බවත් මහමාර්ග හා උසස් අධ්‍යාපන ඇමැති පාර්ලිමේන්තුවේ සභානායක අධිනීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

පසුගිය රජය සමයේ ආරම්භ කළ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලයට‍ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 2011 වසරේදී රුපියල් මිලියන 600 ක් ලබාදුන් බවත් එම අවස්ථාවේ නිහඬව සිටි පිරිස් අද යහපාලන රජය එය ආරම්භ කළාක් මෙන් වර්ජන උද්ඝෝෂණ සිදු කරමින් ජනතාව මුලා කිරීමට උත්සහ කරන බවත් ඒ මහතා කීය. හාරිස්පත්තුව ගෝනිගොඩ උල්ලඳුපිටිය ඓතිහාසික ගල්ගාන රජමහ විහාරස්ථාන‍යේදී ඊයේ (10) පැවැති උත්සවයකදී ඇමැතිවරයා මේබව ප්‍රකාශ කළේය.

සයිටම් නඩුව අධිකරණයේ විභාග වන අවස්ථාවේ වෛද්‍ය සංගමය නඩුවට ඇතුළු වීමට උත්සහ කළ බවත් වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ කතා කරන්න ඔවුන්ට අයිතියක් නොමැති බව එහිදී අධිකරණය වෛද්‍ය සංගමයට දැනුම් දුන් බවත් කී ඒ මහතා මෙම ප්‍රශ්නය පිළිබඳ රජය වෛද්‍ය සභාව සමඟ සාකච්ඡා කර විසඳුමකට එළඹෙන බවද අවධාරණය කළේය.

සියිටම් ප්‍රමිතිය පිළිබඳ ඇතැමුන් ප්‍රශ්න කරන බවත් ඒ සියලු ප්‍රශ්න සඳහා සාධාරණ විසඳුම් ලැබී තිබෙන බවත් කී ඇමැතිවරයා සිසුන්ගේ සායනික පුහුණු කාලය වැඩිකර,වෛද්‍ය සභාවේ විභාගයට පෙනී සිටීම පමණක් නොව නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගෙන රජයේ රෝහලක් ලෙස පවත්වා ගෙන යෑමටද රජය සූදානම් යැයි පැවසුවේය. අධිකරණය විසින් පිළිගෙන තිබෙන සයිටම් වසා දැමීම අධිකරණයට සිදු කරන අපහාසයක් අපේ රටේ බුද්ධිමතුන් යැයි කියා ගන්නා පිරිසකට අධිකරණ තීන්දුව තේරුම් ගැනීමට නොහැකි වීම කණගාටුවක් බවත් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය. සයිටම් විරෝධී බලවේගයක් නොමැති බවත් මෙය මාධ්‍යය මගින් කිර්මාණය කළ වචනයක් බවත් කී ඒ මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූර පහක් ඇති ජවිපෙ හා එකදු මන්ත්‍රී අසුනක් නොමැති පෙරටුගාමීන්ට බලවේග ගොඩනැගිය නොහැකි බවද අවධාරණය කළේය.

මහා බලවේග නම් ඒ අයට මන්ත්‍රී ආසන අහිමිවී ඇත්තේ ඇයිද යන්න ප්‍රශ්න කළ යුතු බවත් එජාපෙ හා ශ්‍රී ලනිල කණ්ඩායම එකතුවූ විට පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් ඇති බවත් ඒ මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: