රටකජු ඇතුලේ සඟවාගෙන බන්ධනාගාරයට හෙරොයින් ගෙනාවේ මෙහෙමයි (ඡයාරූප සහිතයි)

හෙරොයින් සම්බන්ධ වරදකට සැකපිට බන්ධනාගාරගතකර සිටින බොරැල්ල ප්‍රදේශයෙහි සැකකරුවෙකු බැලීමට කොළඹ මැගසින් බන්ධනාගාරයට පිටතින් පැමිණි එම ප්‍රදේශයෙහිම පුද්ගලයෙකු රැගෙනවිත් තිබූ රටකජු පාර්සලයක තිබී හෙරොයින් පැකට් 18ක් සොයාගෙන තිබේ.

මෙලෙස සූක්ෂමවසඟවාගෙන රැගෙනවිත් තිබූ හෙරොයින් සොයාගැනීමට හැකිවී ඇත්තේ බන්ධනාගාර බුද්ධි අංශයේ සෝදිසි කළ සෝදිසිකිරිමකදීය.

මෙලෙස හොරොයින් රැගෙන ආ එම පුද්ගලයා බන්ධනාගාර බුද්ධි අංශය විසින් බොරැල්ල පොලීසියට භාරදී ඇති අතර එහි දී බොරැල්ල පොලීසිය විසින් උසාවියට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

මෙය බන්ධනාගාරය තුළට කුඩු රැගෙන ඒමට සූක්ෂම ලෙස යොදා ගෙන ඇති නවතම ක්‍රමයක් යැයි බන්ධනාගාර බුද්ධි අංශය පවසනවා.

රටකජු තුල එම හෙරොයින් අසුරා තිබුනේ මෙලෙසය.

 

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one + one =