රට පුරා වකුගඩු රෝගීන් 38,000ක්.

May 2, 2017 | 8:00 am    0   148

රට පුරා වකුගඩු රෝගීන් 38,000ක්.

“නිදන්ගත වකුගඩු රෝග කළමණාකරණය සදහා සායනික පරීක්ෂණ මත පදනම් කරගත් පෝෂණ වෛද්‍ය චිකිත්සාවයි” යන්න තේමා කර ගනිමින් ශ්‍රී ලංකා පෝෂණවෙිදීන්ගේ සංගමයේ 03 වන වාර්ෂික සැසිවාරය සෞඛ්‍යෙ, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ දී පැවැත්විනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා

“අද වනවිට වකුගඩු රෝගය අප මුහුණ දී සිටින ප්‍රධාන පෙළේ සෞඛ්‍ය ගැටලුවක්. මෙරට බෝනොවන රෝග අතුරින් වකුගඩු රෝග සදහාවන ප්‍රතිකාර සදහා ද ඉතා ඉහළ වියදමක් දැරීමට සිදූව තිබෙනවා. ලොව පුරා වකුගඩු රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යමින් පවතිනවා. ශ්‍රී ලංකාව පුරා ද වකුගඩු රෝගීන්ගේ පැතිරයාම විවිධ හේතු මත වර්ධනය වෙමින් තිබෙනවා. සෞඛ්‍ය සංඛ්‍යාලේඛණ වලට අනුව වසරකට රෝහල්ගත වන වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව 20,000 ක් පමණ වනවා. වාර්ෂිකව සිදූවන මරණ සංඛ්‍යාව 2000 ක් පමණ වනවා.

හදූනා නොගත් වකුගඩු රෝගය උතුරුමැද පළාත තුල පැතිර තිබෙනවා. අම්පාර, බදූල්ල, කුරුණෑගල, මාතලේ, මුලතිවි, ත්‍රීකුණාමලය, සහ වවුනියා දිස්ත්‍රික්ක ද ඊට ඇතළත්. හදූනාගත් සහ හදූනා නොගත් වකුගඩු රෝගීන් පිළිබද සොයාබැලීම 2008 වසරේ දී ඇරඹුනා. ඒ අනුව මෙි වනවිට වාර්තා වී තිබෙන රෝගීන් සංඛ්‍යාව 38,000 ක් පමණ වෙනවා. අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලින් පමණක් පසුගිය පසුගිය වසර 04 පුරා වාර්ෂිකව වාර්තා වූ රෝගීන් ගණන 1000 ක් පමණ වෙනවා.

වකුගඩු රෝගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කරනු ලබනවා. 2014 වසරේ දී ඒ සදහා ජනාධිපති කාර්ය සාධක බලකායක් ද ස්ථාපිත කෙරුනා. ඒ සදහා විවිධ ආයතන ද සම්බන්ධීකරණය කෙරෙනවා. මන්දපෝෂණය සහ රක්තහීනතාවය වකුගඩු රෝගීන් අතර ප්‍රචලිතයි. වෛද්‍ය පෝෂණ චිකිත්සාව මගින් වකුගඩු රෝගීන්ගේ ජීවන තත්ත්වය වඩා උසස් කළ හැකි බවට විද්‍යාත්මක සාක්ෂි රැසක් තිබෙනවා.

මෙම තත්ත්වය යටතේ වකුගඩු රෝගීන්ගේ මෙන්ම අනෙකුත් බෝනොවන රෝගීන්ගේ ආහාර රටාව පිළිබද සොයාබැලීම හේතුවෙන් අපට පෝෂණවෙිදීන්ගේ අවශ්‍යතාවය පවතිනවා. ඒ අනුව පෝෂණවෙිදීන් 300 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට බදවා ගැනීමටත්, රජය සැළසුම් කරමින් සිටිනවා. මෙම කර්තව්‍යයේ දී ශ්‍රී ලංකා පෝෂණවෙිදීන්ගේ සංගමය අප සමග අත්වැල් බැදගනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.”

මෙම සංගමයේ නිල වෙබි අඩවිය විවෘත කිරීම ද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් මෙහිදී සිදූ කෙරිනි.

මාධ්‍ය ඒකකය සෞඛ්‍ය අමාත්‍යංශය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: