රතන හිමි ස්වාධීනයි (වීඩියෝ)

January 16, 2017 | 2:16 pm    0   553

රතන හිමි ස්වාධීනයි (වීඩියෝ)

තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස ක්‍රියා කිරීමට තීරණය කළ බව පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසයි.

විපක්ෂයට එක්වීමට හෝ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකට එක්වීමට කැමැත්තක් නොදක්වන බව උන්වහන්සේ කියා සිටියේ අද (16) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

එසේ වුවද ජාතික ප්‍රශ්න හමුවේ බලපෑම් කළ හැකි පුළුල් ජාතික ව්‍යාපාරයක් ගොඩනැඟීමට තමන් දායකත්වය දක්වන බව රතනහිමියන් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ආණ්ඩුව පෙරළන්නට තමන් තුළ අරමුණක් හෝ උත්සාහයක් නොමැති නමුත් ආණ්ඩුවේ වැරදි පෙන්වාදී එය නිවරදි මගට ගැනීමට තමන්ට අවශ්‍යතාවක් පවතින බව රතනහිමියන් මෙහිදී සඳහන් කළේය.

වීඩියෝ – අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: