රත්නසිරි වික්‍රමනායක මහතා අභාවප්‍රාප්ත වෙයි

December 27, 2016 | 3:48 pm    0   620

රත්නසිරි වික්‍රමනායක මහතා අභාවප්‍රාප්ත වෙයි

මෙරට හිටපු අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන රත්නසිරි වික්‍රමනායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මීට ටික වේලාවකට පෙර අභාවප්‍රාප්ත වී ඇත. මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 83කි. ශ්‍රී ලංකාවේ දැනට ජීවතුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයින් දෙදෙනාගෙන් අයෙකු ලෙස ඔහු සැලකුණු අතර අනෙක් දේශපාලනඥයා වන්නේ හිටපු තවත් අගමැතිවරයෙකු වන දිමූ ජයරත්න මහතාය.

ඒ අනූව හිටපු අග්‍රාමාත්‍ය දිමු ජයරත්න මහතාද පසුගිය 20 වැනිදා රත්නසිරි වික්‍රමනායක මහතාගේ සුවදුක් බැලීම සඳහා ඔහු ප්‍රතිකාර ලබමින් සිටි රෝහලට ගොස් තිබුණි. රත්නසිරි වික්‍රමනායක මහතා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජ්‍යෙෂ්ඨතම උපදේශකවරයෙක් වශයෙන් මෙන්ම නිදහස් පක්ෂයේ අනුශාසකවරයෙක් ලෙසද කටයුතු කළේය. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන විදුර වික්‍රමනායක මහතා ඔහුගේ පුත්‍රයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: