“රතුපස්වල වගේ මරපු නැති එකද මහින්ද රාජපක්ෂට ප්‍රශ්නේ?” – රාජිත සේනාරත්න

June 28, 2017 | 1:18 pm    0   234

“රතුපස්වල වගේ මරපු නැති එකද මහින්ද රාජපක්ෂට ප්‍රශ්නේ?” – රාජිත සේනාරත්න

සෞඛ්‍ය අමාත්‍යංශයට අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු ශිෂ්‍ය සංගම් කිහිපයක් ඇතුළුවූ අවස්ථාවේ එම ශිෂ්‍යයන්ට රතුපස්වල මෙන් වෙඩි නොතැබීමද මහින්ද රාජපක්ෂට ඇති ප්‍රශ්නේ ? සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (28) කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්චාවේදී එලෙස ප්‍රකාශ කලේ මාධ්‍යවේදියෙකු ඇසු පැනයකට පිළිතුරු වශයෙනි.

විශ්වවිද්‍යාල සිසුන්ට පහරදීම මෙරට ඉතිහාසයේ සිදුකල දරුණුතම පහරදීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කල ප්‍රකාශයක් උපුටා දක්වමින් මාධ්‍යවේදියකු ඒ පිළිබඳව සේනාරත්න මහතාගෙන් ඇසුවිට ඒ මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

“මහින්ද රාජපක්ෂ කිවා නම් ඉතින් හරියට හරිනේ. රතුපස්වල, කඳානේ වගේ එය මරපු මරපු විදියට මරපු නැති එකද මහින්ද රාජපක්ෂට ප්‍රශ්නේ? එකනේ ඔබතුමා අහන ප්‍රශ්නේ?”

“නෑ ඇමතිතුමා මේ අහන්නේ සිසුන්ට පහරදීම සම්බන්ධව”

“මරපු මිනිහා කියපු දේ ගැන ඔබතුමා මොනවද කතාකරන්නේ?”

“ඒ වගේම තමයි සිසුන්ට පහරදීම වැරදි කියල තියනවනේ.. එතකොට අමාත්‍යංශයට ඇතුළුවෙලා අලාභහානි සිදු කරපු එක වැරදි නැත්ද ? මේ බුදුන් වදින්න ගිහින් නෙවෙයිනෙ ගැහුවේ. ඔන්න අමාත්‍යංශයේ තියන තියන බුදුමැදුරේ ඉද්දි ගැහුවා නම් වැරදි. නැත්නම් අමාත්‍යංශයේ ඉන්න ඇමතිවරයා හම්බුවෙන්න ඇවිත් ඉද්දි ගැහුවානම් ඔන්න වැරදි. කවදද මගෙන් අප්පොඉමෙන්ත එකක් ඉල්ලලා තියන්නේ ඔය මිනිස්සු ? මමත් අනන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ලේකම් වෙලා ඉදල තියනවා. අපි අමාත්‍යංශ වලට ගිහින් ඔහොම කරලා නෑ. අපි ගිහින් බොහොම වැදගත් විදියට සාකච්චා කලේ. බදියුදීන් මොහොමඩ් ඇමතිතුමා ඉද්දි මමම්ත් අමාත්‍යංශයට ගිහින් ඔය විදියට වැඩිවෙලා හිටියා. එක වැලිකටයක අලාභ හානියක් කලේ නෑ අපි එදා.

මේ මැරයෝයි විප්ලවවාදියෝයි ත්‍රස්තවදියෝයි ගැන කියවන්න ඔයාලා පොතක් අරන්.. මේ වගේ මිනිස්සු ගැන මේ වගේ වියාපාර ගැන එයාලම අදහන ලෙනින් පොතක් ලීවා. වාමාංශික කොමියුනිස්ට්වාදය යනු ළදරු වලිප්පුවෙකි කියලා. සිංහලෙන් ගහල තියනවා දැන් පොත. ඒ මේ කට්ටියටමයි ලිවේ. මේගොල්ලෝ ත්‍රස්තවාදියෝ කියල කිවා ලෙනින්. ලෙනින්ගේ අය්යත් ත්‍රස්තවාදියෙකු කියල කිව මේ වගේ වැඩ කරන කට්ටිය. එතකොට කවුද මේ ය අරගලකාරීන් කියල කියන්නේ? ලේනිනුත් කියනවා නම් මේ අය ත්‍රස්තවාදීන් කියලා, දකුණත් කියනවා නම් මේ අය ත්‍රස්තවාදීන් කියල එතකොට වෙන කවුද ඉතිරිවෙන්නේ? එහෙම අයව පලව හරින්නේ නැතුව වෙන මොනවා කරන්නද ?

බිල්ඩින් එක ගිනි තියනකම්ම ඉන්නද? 88 දී සෞඛ්‍ය අමාත්‍යංශය ගිනි තිබ්බා. ගිනි තියල ඉවර කල ඔය කට්ටියගේ අප්පලා. මේ දෙවැනි පරම්පරාව. එකෙන් ඔක්කොම ඉවරවුනා. ඩොක්ටර්ස්ලගේ ඉදල හැමදේම. පර්සනල් ෆයිල් හැමදේම විනාසවුනා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: