රන්ජන් ආණ්ඩුවෙන් යන්න සුදානම්

July 18, 2017 | 7:39 am    0   364

රන්ජන් ආණ්ඩුවෙන් යන්න සුදානම්

නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය විවේචනයට ලක්කරමින් පසුගිය දිනවල ජනමාධ්‍ය ආයතන වලට ප්‍රකාශ ලබාදුන්නේය.

මේ පිළිබඳව එකසත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි අප්‍රසාදයෙන් සිට ඇති අතර එතුමා රන්ජන් රාමනායක ඇමතිවරයාට මේ පිළිබඳව දොස් පැවරු බවටද මාධ්‍ය වාර්තා පලවිය.

රන්ජන් රාමනායක මහතා මේ පිලිබඳව සඳහන් කර ඇත්තේ පල නොකමින් පලා බෙදමින් ආණ්ඩුවෙන් යන්න කියන්නේ නම් සිය ආත්ම ගෞරවය රැකගෙන ආණ්ඩුවෙන් ඉවත්වන බවයි.

“පසුගිය රජයේ අල්ලස්‌ සහ දූෂිත ක්‍රියා කළ පුද්ගලයන්ට එරෙහිව මම පැමිණිලි රාශියක්‌ කළා. ඒ හොරුන් අල්ලන බවට මම ජනතාවට පොරොන්දු වුණා. ගමේ යද්දී මිනිස්‌සු අහනවා කෝ හොරු ඇල්ලුවාද කියලා. මම කතා කළේ හදවතින්මයි. මට අවස්‌ථාවක්‌ දෙනවා නම් ඔය පුද්ගලයන්ව සාක්‍ෂි ඇතිව අල්ලන්න පුළුවන්. අද මට වුණේ වඳින්න ගියම දේවාලය ඉහට කඩාවැටුණු වැඩක්‌ වගේ එකක්‌. 1956 දී බණ්‌ඩාරනායක අගමැතිතුමාගේ කාලේ වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසමේ වාර්තා අනුව එදා කැබිනට්‌ මණ්‌ඩලයේ පස්‌දෙනකුගේ ප්‍රජා අයිතිය අහෝසි කළා. එදා නඩු ගියේ නැහැ” නියෝජ්‍ය ඇමතිවරයා මේ පිළිබඳව ප්‍රකාශ කලේ එලෙසිනි.

“ඉවත් වෙලා මට හඬ නගන්න බැහැ. ඒක පාර්ලිමේන්තුවේ ඉඳලාම කරන්න ඕනෑ. අනික මනාප දෙලක්‍ෂ දහසය දහසක්‌ අරගෙන මා පාර්ලිමේන්තුවට ආවේ. හැබැයි මට යන්න කියමින් පලා බෙදුවොත් මගේ ආත්ම ගෞරවය රැකගන්න යන්න වෙනවා. අගමැතිතුමා එක්‌සත් ජාතික පක්‍ෂ නායකයා. එතුමාට බලතල තිබෙනවා. එතුමා මට යමක්‌ කිව්වොත් එය ප්‍රතික්‍ෂේප කරන්න බැහැ. මට යන්න වෙනවා” නියෝජ්‍ය ඇමැතිවරයා සිය ආකල්පය එලෙස ප්‍රකාශ කලේ ආණ්ඩුවේ බොහෝදෙනෙකුට සිතන්නට කරුණු රාශියක්අ ඉතිරි කරමිනි.

රන්ජන් රාමනායක මහතා යහපාලන ආණ්ඩුව පත්වූදා සිටම පසුගිය රජයේ සිටියා යයි කියූ හොරු හැකි ඉක්මනින් අල්ලන ලෙස ආණ්ඩුවේ සිට ආණ්ඩුවටම බල කල අයෙකි.

එපමණක් නොව වංචා දුෂණ කල පුද්ගලයන් පිලිබඳ පැමිණිලි රාශියක්ද කල අයෙකි. එනිසාවෙන්ම එතුමාගේ මෙම ප්‍රකාශ ලෙහෙසින් බැහැර කල නොකක්කක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඒ නිසාවෙන්ම රන්ජන් රාමනායක වන්නන්ට තාමත් හොරු අල්ලන්නේ නැත්තේ ඇයිද යන්න ඇසීමට අන් යට වැදෑ වැඩි අයිතියක් ඇති බවද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: