රන්බීර් කත‍්‍රිනා තාමත් වෛරයෙන්

January 22, 2017 | 6:23 am    0   514

රන්බීර් කත‍්‍රිනා තාමත් වෛරයෙන්

ළඟදී තිරගත වීමට නියමිත අලුත්ම චිත්‍රපටය, ‘ජග්ගා ජාසූස්’. ගැටවර රහස් පරීක්ෂකයකු, අතුරුදන්ව සිටින තම පියාණන්ව සොයා යන කතාවක් රැගත් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ අනුරාග් බාසු. මෙහි රන්බීර් කපූර්, කත‍්‍රිනා කයිෆ් සහ අදා ශර්මා ප්‍රධාන චරිත රඟනවා.

මේ චිත්‍රපටයේ ප්‍රවර්ධන වැඩ සටහන් හෙට, අනිද්දා සිට දියත් කරන්නට සැලසුම් කර තිබෙන අතර ඒ වැඩ සටහන්වලට රන්බීර් සහ කත‍්‍රිනා නැතිවම බැහැ. නමුත්, සති දෙක තුනක් තිස්සේ මේ කටයුතුවලට රන්බීර් හෝ කත‍්‍රිනා දායක වන බවක් ප්‍රකාශ කර නැහැ. හේතුව නම් පැහැදිලියි. පෙමින් බැඳි මේ දෙදෙනා වෙන්වී දැන් අවුරුද්දක් ගතවෙලා. තවමත් කතාබහක් තබා මුහුණ බැලීමක්වත් සිදු වෙන්නේ නැහැ. බොලිවුඩ්පුරයේ වෙනත් නළු නිළියන් නම් පෙමින් බැඳී වෙන්වී ටික කලක් ගතවෙද්දී කතාබහ කිරීම සාමාන්‍ය දෙයක්. ඒත් රන්බීර් – කට්රිනා යුවළ තවමත් පසුවන්නේ වෛරයකින්.

ඉතින්, එවැනි වාතාවරණයක් තුළ මේ දෙදෙනා එකට එක්වී ප්‍රවර්ධන කටයුතු කිරීම සැක සහිතයි. දැනටමත් කට්රිනා ප්‍රකාශ කර ඇත්තේ තමන් ‘ජග්ගා ජාසූස්’ චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතුවලට සහභාගි නොවන බවයි. රන්බීර් එවැනි තදබල තීරණයක නොසිටියත් මේ සඳහා ඔහුගේ එකඟත්වය තවමත් ලැබී නැහැ.

මේ අතර සල්මන් ඛාන් ද කත‍්‍රිනාට උපදෙස් දෙමින් සිටින බවයි, ඇතැම් කසුකුසුවලින් පැවසෙන්නේ. ඔහු කත‍්‍රිනාට උපදෙස් දී ඇත්තේ ‘ජග්ගා ජාසූස්’ ප්‍රවර්ධන කටයුතුවලදී රන්බීර්ව මඟ හැර සිටින ලෙසයි. එය සිදු කරන්නේ කොයි අයුරින්දැයි යනුවෙනුත් ඔහු උපදෙස් දීලාලු. ඉන්දීය මාධ්‍ය සඳහන් කරන ආකාරයට දැන් කට්රිනාගේ හොඳම මිතුරා වී සිටින්නේ ඇගේ පෙම්වතා වී පසුව ඇගෙන් වෙන්වූ සල්මන්ලු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: