රයන් යළිත් ඇතුලට

September 13, 2017 | 11:38 am    0   134

රයන් යළිත් ඇතුලට

වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් සැප්තැම්බර් 20 දක්වා  තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් දුලානි වීරතුංග අද (13) නියෝග කළාය.

සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට අනර්ථයක් සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි.

සැකකරු පසුගිය අගොස්තු 18 දින  නීතිඥවරයකු මාර්ගයෙන් අධිකරණයට භාර වීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබුණි. අධිකරණය මගහරිමින් සිටි මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට අධිකරණය මීට පෙර වරෙන්තුවක්ද නිකුත් කර තිබුණා.

සැකකරු වෙනුවෙන් සිදු කළ ඇප ඉල්ලීම මීට පෙර  අධිකරණය ප්‍රතික්ෂේප කර කළේය.

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු චතුරංග වීරසේකර ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරී සමාජිකයින් පස්දෙනා මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර තිබුණි.

ඉකුත් ජූනි මස 21 වැනි දා පස්වරුවේ කොළඹදී පැවති සයිටම් විරෝධී පාගමනින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපල‍වලට රුපියල් ලක්ෂ 15 ට ආසන්න හානියක් සිදුකිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. ඒ. විජේසේකර මරදාන පොලිසියට කළ පැමිණිල්ලක් මත මොවුන්ට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: