රවී කරුණානායක ධුරයෙන් ඉවත්වෙයි

August 10, 2017 | 2:28 pm    0   435

රවී කරුණානායක ධුරයෙන් ඉවත්වෙයි

විදේශ ඇමති රවී කරුණානායක මහතා මිට සුළු මොහොතකට පෙර තමා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක කරමින් සඳහන් කළේය.

තමා මෙම තනතුර අත්හරින්නේ ජනාධිපතිවරයා සහ අගමැතිවරගේ සම්මුති ආණ්ඩුව වෙනුවෙන් බව ඇමතිවරයා මෙහිදී සඳහන් කළේය.

ප්‍රකාශය ආරම්භ කරමින් ඔහු සඳහන් කළේ සමාජජාල හරහා මෙන්ම ඇතැම් මන්ත්‍රිවරුද තමන් පිළිබඳව පසුගියදා විවිධ ප්‍රකාශ සිදු කිරීම නිසා ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීමටත් තම ස්ථාවරය දැනුම්දීමටත් මෙම ප්‍රකාශය සිදු කරන බවයි.

ඉන් අනතුරුව ඔහු පසුපෙළ මන්ත්‍රීවරයෙකු වශයෙන් අසුන්ගත්තේය.

ඔහුට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය විසින් දෝෂාභියෝගයක් ගෙන ඒමට නියමිතව තිබිණි. එනමුත් ඊට පෙර කරුණානායක මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බව අප පුවත්පත මගින් ජුලි 06 වැනි දින පළමු වරට රටට හෙළි කළෙමු.

අද (10) අපගේ එම පුවත සත්‍යය බව සනාථ තහවුරු වී අවසන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: