රවී මන්ත්‍රීකමෙනුත් අයින් විය යුතුයි- ජොශප් මයිකල් පෙරේරා

September 25, 2017 | 11:40 am    0   146

රවී මන්ත්‍රීකමෙනුත් අයින් විය යුතුයි- ජොශප් මයිකල් පෙරේරා

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක වරදක් පිළිගෙන ඇමති ධූරයෙන් ඉවත් වූවා නම් මන්ත්‍රී ධූරයෙන්ද ඉවත්විය යුතු බව හිටපු ඇමති ජෝශප් මයිකල් පෙරේරා පවසයි.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (24) ජා ඇල ප්‍රදේශයේ පැවති රැස්වීමක් පිළිබඳව පුද්ගලික මාධ්‍ය ආයතනයකට ප්‍රකාශක් ලබා දෙමිනි.

යොවුන් පෙරමුණේ සභාපති කවින්ද ජයලත් විසින් සංවිධානය කර තිබු එම රැස්වීමට ප්‍රෂාන ආරාධිතයා වශයෙන් සහභාගී වුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකය.

එහිදී එම ස්ථානයකට පැමිණි ජොශප් මයිකල් පෙරේරා මහතා තමාටද එම රැස්වීම ඇමතීමට අවශ්‍ය බව පවසා, ඔහු රැස්වීම අමතන අවස්ථාවේ මයික්‍රෆෝන් ක්‍රියා විරහිත කර තිබුණි.

මේ පිළිබඳව ජෝශප් මයිකල් මහතාගෙන් විමසීමේදී ඔහු ඔහු ඒ පිළිබඳව මේ සඳහන් කර තිබුණි.

“මේ රැස්වීමට මම ගියේ නැහැ..මට ආරාධනා කරලා තිබ්බෙත් නැහැ. කොහොම වුණත් මම මේ රැස්වීමට යනකොට 12.30 ට විතර ඇති. එතකොට කාවින්ද මන්ත්‍රිතුමා කතා කරනවා. පස්සේ රවී කරුණානායක මන්ත්‍රිතුමා කතා කරලා රැස්වීම අවසන් කරන්න ගියා. මම කිව්වා මට කතා කරන්න ඕනේ කියලා. මම වේදිකාවට නැගලා කතා කරනකොට එයාලා මයික් ඕෆ් කළා. ජා-ඇල ආසනයේ සංවිධායකකම නායකතුමා මට දීලා තියෙන්නේ. මංගාව ලියුමත් තියෙනවා. රවී හැමතැනම ගිහින් මේ වැඩේ කරනවා. මෙයා වරදක් පිළිගත්ත කෙනෙක් හැටියට ඇමතිකමින් විතරක් නෙමෙයි පාර්ලිමේන්තු මන්ත්‍රිකමිනුත් අයින් වෙන්න ඕනේ. මම මේ ගැන නායකතුමාව දැනුවත් කරන්න ගියේ නැහැ. මීඩියාවලින් දැනුවත් වෙනවානේ..රවීත් කියන්න ඇති නේ. මගෙන් තාම ඇහුවේ නැත්තේ එතුමාලාත් විස්තරේ දන්නවා ඇති. එයා මුලින් හිටියේ නායකතුමාව එලවන්න බලාගෙන. මම මැදිහත්වෙලා තමයි මහාසම්මේලනයේදී ප්‍රශ්නය සමතයකට පත් කළේ.ඒ තරහා මාත් එක්ක ඇති” 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: