රස්සාවට නිගා කළ මාධ්‍යවේදිනිය සිර කූඩුවට

January 16, 2017 | 12:44 pm    0   571

රස්සාවට නිගා කළ මාධ්‍යවේදිනිය සිර කූඩුවට

මාධ්‍ය සදාචාරයට කළු පැල්ලමක් එක් කළ හංගේරියා මාධ්‍යවේදිනියකට එරට අධිකරණය විසින් වසර තුනක සිරදඬුවමක් ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉකුත් 2015 වසරේ සැප්තැම්බර් 08 වැනිදා හංගේරියා හා සර්බියා දේශසීමා හරහා ගමන් කරමින් සිටි සිරියානු සංක්‍රමණිකයින් කිහිප දෙනෙකුට මෙම මාධ්‍යවේදිනිය අඩන්තේට්ටම් කර තිබෙන වීඩියෝවක් පසුගිය මාස කිහිපය පුරා අන්තර්ජාල ඔස්සේ විවිධ සාමාජ ජාල වෙබ් අඩවි වල ප්‍රචාරණය විය.

එහිදී මෙම හංගේරියානු මාධ්‍යෙව්දිනිය විසින් ගමන් මඟ අහුරා සංක්‍රමණිකයින් දෙදෙනාට ඇය විසින් පසු ප්‍රහාරයන් එල්ලකර ඇත්තේ බොහෝ දෙනා ඉදිරිපිටදීයි.

කරුණු සැලකිල්ලට ගත් අධිකරණය කලහකාරී ලෙස හැසිරීම හා සංක්‍රමණිකයින්ට පීඩා කිරීම යන කරුණු මත මාධ්‍යවේදිනියට සිරදඬුවම් නියම කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: