රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටකළ සිසුව ඇතුළු පිරිසට ඇප නියම කෙරේ.

September 4, 2017 | 12:49 pm    0   480

රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටකළ සිසුව ඇතුළු පිරිසට ඇප නියම කෙරේ.

මෙවර පැවතී උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය වංචනිකව පිට කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගත කර සිටි සැකකාර සිසුවා සහ ඔහුගේ පියා ඇතුළු තිදෙනෙකුට ඇප ලබාදීමට අධිකරණය අද (04) නියම කළේය.

එක් අයෙකුට රුපියල් දස දහස බැගින් වූ ශරීර ඇප සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් බැගින් මෙම තිදෙනාට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙලෙස ඇප නියම කර ඇත.

මෙම ඇප කොන්දේසි වලට අමතරව සෑම ඉරිදා දිනයකදීම පෙරවරු 9-12 අතර කාලය තුල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ පෙනී සිටින ලෙසද ඔවුනට නියම කරන ලදී.

ඇප නියම කරන ලද පිරිසට නොවැම්බර් 06 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙසද නියම කරන ලදී.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි උපකාරක පංති ගුරුවරයා සහ ඔහුගේ සහෝදරයා ලබන 16 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මෙහිදී නියෝග කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: